Techකතා හතර වන වැඩසටහන පටිගත කල අද(පෙබ. 20) දින Techකතා කණ්ඩායමට ත්‍රාසජනක අත්දැකීමකට මුහුන දෙන්න සිදු උනා. ඒ තමයි කොළඹට එල්ලවූ ත්‍රස්තවාදී ගුවන් ප්‍රහාරය. අප පටිගත කිරීම් ආරම්භ කිරීමට සැරසෙන විටම තමයි මෙම ප්‍රහාරය පිලිබද දැනුම් දීම ලැබුනේ. එවිට අප සිටියේ කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේ බටහිර කුලුනේ 28 වැනි මහලේ. හදිසි අවස්ථාවක් යටතේ තට්ටු 28ක් පඩිපෙල දිගේ බැස අවදානම් තත්වය පහවන තුරු පැය කිහිපයක් ආරක්ෂිත ස්ථානයක රැදී සිටීමට අපිට සිදු උනා.
සතුරු යානා බිම හෙලීමට හැකිවූ අපේ රණ විරුවන්ට අපගේ උත්තමාචාරය. ඒ වගේම සිදුවූ ජීවිත සහ දේපල හානිය පිලිබදවත් අපි කනගාටු වෙනවා.
ඒ මොහොතේ දැනුන මරණ බියත්, ක්ෂනිකව ආරක්ෂිත ස්ථාන කරා යාමෙන් ඇතිවූ වෙහෙසත් මැඩ පවත්වා ගනිමින් කෙසේ හෝ අපි Techකතා හතර වන වැඩසටහන පටිගත කරා. මෙවර වැඩසටහන් අන්තර්ගතයේ කිසියම් ගුනාත්මක අඩුවක් ඇත්නම් ඒ පිලිබද අපි අපේ කණගාටුව ප්‍රකාෂ කරනවා. මොකද අපි ඉදිරිපත් කිරීමට සූදානම් වූ බොහොමයක් අංග අවලංගු කිරීමට ඇතිවූ බලාපෙරොත්තු රහිත හදිසි තත්වය හේතු උනා.
අද තිලිණ, බුද්ධික, හර්ෂ සහ කාලිංග කොළඹ සිටද, මලින්ත මහ නුවර සහ ඩනිෂ්ක අම්බලංගොඩ සිටද පටිගත කිරීමට සහභාගි වෙනවා. සිංහල යුනිකෝඩ් සම්බන්ධ ගැටලු සාකච්චා කිරීමට දසුන් සමීර අපි සමග දුරකතනයෙන් සම්බන්ධ වෙනවා.
ඔබගේ ජංගම දුරකතනයෙන් Techකතා සමග සම්බන්ධ විය හැකි “Techකතා Mobile” අඩවියද මූලික පරීක්ෂන කටයුතු සදහා පසුගිය සතියේදී අපි ඔබට ලබා දුන්නා. ඔබ කල යුත්තේ http://m.techkatha.com යන ලිපිනය ඔබගේ ජංගම දුරකතනයේ ඇති වෙබ් බ්‍රවුසරයට ඇතුලත් කිරීම පමනයි. මෙය පරීක්ෂා කර ඔබගේ ප්‍රතිචාර info[at]techkatha.com යන ඊමේල් ලිපිනයට ලබාදී අපිට සහයෝගයක් ලබා දෙන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. ඔබ ප්‍රතිචාර දක්වන විට ඔබගේ දුරකතන මාදිලිය, අපගේ වෙබ් අඩවිය දුරකතනයේ හොදින් දර්ශනය වුනාද, පසුගිය Techකතා වැඩසටහන් වලට සවන්දිය හැකිද යන කාරනා සදහන් කරන්නේ නම් එය අපිට පහසුවක්.
ඒ වගේම මෙම වෙබ් අඩවියට සම්බන්ධ විය හැකි ලින්ක් එකක් ඔබගේ බ්ලොග්/වෙබ් අඩවියේ පල කිරීමට හැකි නම් තවත් බොහෝ දෙනෙකුට අපේ සේවාව ලබා ගැනීමට එය පිටුවහලක් වේවි. ඒ සදහා සුදුසු Techකතා බැජ් මෙතනින් ලබා ගත හැකියි. සම්මත ප්‍රමාන වලින් මෙහි පල කර ඇති බැජ් වලට අමතරව ඔබට අවශ්‍ය ප්‍රමානය අපිට දැනුම් දෙන්නේ නම් එම ප්‍රමාන වලින් ද බැජ් ලබා දිය හැකියි.
අද වැඩසටහනින්…
High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.
[Download MP3 or Ogg]
Low Quality 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.
[Download MP3 or Ogg]
කොටස් වශයෙන් ඩවුන්ලෝඩ් කිරීමට 32Kbps
ඉතිරිය කියවන්න »
ඔන්න Techකතා තෙවන වැඩසටහනටත් ආවා. ලොකු දුරක් ඉතාම කෙටි කාලයකින් ආවා කියලා හිතෙනවා. ඒ වගේම 13 වන සිකුරාදා තමයි Techකතා පටිගත කිරීම ආරම්භ කරේ. ඉවර වෙනකොට නම් සෙනසුරාද උදේ 1 වෙලා. මොකද අපේ කන්ඩායම ගොඩක් කාර්ය බහුල වෙලා දවල් කාලයේ, ඉතින් මුනගැහුනේ රෑ වෙලා. සමහර අය ආවෙම නෑහැ. ඒ අය සුපුරුදු පරිදි අපි Skype මගින් සම්බන්ධ කරගත්තා. මොකක්ද මේ කාර්ය බහුල වෙන්න හේතුව? පෙබරවාරි 14 සමරන්න ලක ලැහැස්ති වීම තමයි හේතුව. කාලිංග, තිලිණ සහ බුද්ධික තමයි කලින් ඇවිත් උඩ බලාගෙන හිටියෙ
අද වැඩසටහනේ දී Windows සමග ඇතිවන සිංහල යුනිකෝඩ් ගැටලු සම්බන්ධව අදහස් දැක්වීමට දසුන් සමීර ආරාධිත අමුත්තෙකු ලෙස සහබාගි වෙනවා. මෙවර වැඩසටහන අපේ පසුගිය වැඩසටහන් හා සැසදීමේදී තරමක් දිග වැඩසටහනක්. මන්දගාමී අන්තර්ජාල සම්බන්ධතා ඇති අපේ හිතවතුන් සදහා අඩු ශ්‍රවන තත්වයක් යටතේ කොටස් දෙකක් ලෙස සම්පූර්න වැඩසටහන ඩවුන්ලෝඩ් කිරීමේ පහසුකම ද සුපුරුදු පරිදි අපි ඔබ වෙත ගෙන එනවා.
මෙන්න අද වැඩසටහනේ ඇතුලත් කරුනු….
- MySQL Error: can’t connect to the MySQL Server. (උපකාරක පුරුක)
- Apache Tomcat issue (උපකාරක පුරුක 1, උපකාරක පුරුක 2)
- Mandriva Linux 2009 මත Sinhala Unicode ස්තාපනය කිරීම (උපකාරක පුරුක 1, උපකාරක පුරුක 2)
- Ubuntu CD නොමිලේ ලබාගැනීම (උපකාරක පුරුක)
- Mailing List සහ Forum භාවිතයේදී සැලකිලිමත් විය යුතු දෑ
- Free domain එකක් Wordpress සමග නොමිලේ දෙන hosting සේවාව සමග භාවිතා කිරීම
- Linux Mint ගැන හැදින්වීමක් සහ ස්තාපනය (උපකාරක පුරුක)
- Web development සදහා ලිනක්ස්.
- ලිනක්ස් ස්තාපනයේදී සැලකිලිමත් විය යුතු දෑ
- Software engineer කෙනෙකු වීමට මග පෙන්වීමක් සහ අපේ අත්දැකීම්
- Programming language එකක් ලෙස ජාවා ඉගෙනීම (උපකාරක පුරුක1, උපකාරක පුරුක2, උපකාරක පුරුක3)
- 3G Mobile Phone එකක් අන්තර්ජාලයේ සැරිසැරීමට භාවිතා කිරීම සුදුසුද?
- USB pen drive සමග පැනනගින ගැටලු
- ඉලෙක්ට්‍රොනික උපකරන මිලදී ගැනීමේදී සැලකිය යුතු දෑ
- Dual Layer සහ 4.7GB DVD
- CD එකකට 700MB වඩා Data දැමීම (උපකාරක පුරුක)
- Huawei E220 මොඩම් එක Unlock කිරීම (උපකාරක පුරුක)
- Skype call එකක් පට්ගත කිරීම (VoiceMail) (උපකාරක පුරුක)
- Techපුවත්: Kindle 2 Ebook කියවනය (උපකාරක පුරුක)
- Techපුවත්: Unix Time එක 1234567890 ලෙස දිස්වීම (උපකාරක පුරුක)
- Techපුවත්: A/L සදහා ICT විෂයක් ලෙස හදුන්වා දීම
- Techපුවත්: සිංහල Firefox 3.1 (උපකාර පුරුක)
- Techපුවත්: Wordpress 2.7.1 සිංහල අනුවාදය (උපකාර පුරුක)
- Sinhala Unicode Help: දසුන් සමීර සමග සංවාදය
- Sinhala Unicode Help: Windows XP SP3 සිංහල ගැටලුව. (උපකාරක පුරුක 1, උපකාරක පුරුක 2)
- Sinhala Unicode Help: සිංහල යුනිකෝඩ් ස්තාපනය සහ සිංහල යතුරු පුවරු (විජේසේක යතුරු පුවරුව, සිංහල යතුරු පුවරු, සිංහල ස්තාපනය)
- Sinhala Unicode Help: Google Chrome මත සිංහල ලිවීමේදී ඇතිවන ගැටලුව (Chrome Channel Selector)
- Sinhala Unicode Help: Windows 7 සිංහල සහාය
- Gameකාමරය: කොපි කරන ලද Game CD Windows Vista මත භාවිතය
- Gameකාමරය: Network Games අන්තර්ජාලය හරහා ක්‍රීඩා කිරීම (උපකාර පුරුක1, උපකාරක පුරුක2)
- Gameකාමරය: ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සම්බන්ධතා සමග Network Games භාවිතා කිරීමේ ගැටලු
- Techකතා වෙනුවෙන් අපි ඔබෙන් බලාපොරොත්තු වන උපකාර
High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.
[Download MP3 or Ogg]
Low Quality 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.
[Download MP3 or Ogg]
කොටස් වශයෙන් ඩවුන්ලෝඩ් කිරීමට 32Kbps
ඉතිරිය කියවන්න »
සතියක් ගෙවිලා ගියා නොදැනීම… ඔන්න Techකතා දෙවන වැඩසටහනත් ඇවිත්… අපිට ලැබුන ප්‍රශ්න ප්‍රමාණය හා ප්‍රතිචාර බොහොමයි, හරිම සතුටුයි ඒ ගැන නම්.
අද Techකතා නැවුම් ආකාරයකට තමයි ඔබ වෙත ගෙන එන්නේ. මොකක්ද මේ වෙනස? ඒ තමයි පටිගත කිරීමේදී පැන නැගුනු බොහෝ තාක්ෂනික ගැටලු සදහා අපි පිලිතුරු සොයා ගැනීම. අද අපේ කන්ඩායමේ සාමාජිකයින් හය දෙනා සහ ආරාධිත අමුත්තන් දෙදෙනෙකුත් සමගයි ඔබව හමුවන්නේ. කාලිංග, බුද්ධික, තිලිණ සහ හර්ෂදේව කොළඹ සිටද, මලින්ත මහනුවර සිට සහ ඩනිෂ්ක අම්බලන්ගොඩ සිට සජීවීව පටිගත කිරීම සමග එක්වෙනවා. ආරධිත අමුත්තන් දුරකතනයෙන් සම්බන්ධ වෙනවා.
Headphone mic එකක් යොදාගෙන ආරම්භ කල Techකතා තුන්වන වැඩසටහන වන විට මෙවන් දියුනුවක් ලැබීම සතුටට කාරනයක්. ඒ වගේම අපේ හර්ෂදේව Techකතා සදහා තේමා සංගීතයක් ද නිර්මානය කලා. වැඩසටහන ආරම්භයේදී හා අවසානයේදී එය ඔබට ඇසේවි
අද වැඩසටහනෙන්…
- ආයුබෝවන් Sinhalen FOSS
- Windows XP SP2 සමග HSDPA Modem භාවිතයේදී ඇතිවන ගැටලුව (Error)
- Personal Firewalls (ZoneAlarm හා Sygate Personal Firewall)
- Outlook, Gmail සමග භාවිතය (උපකාරක පුරුක)
- ජංගම දුරකතන තුල සිංහල යුනිකෝඩ් භාවිතය (උපකාරක පුරුක)
- Windows තුල explorer.exe වැඩිපුර CPU බාවිතය(TuneUP Utilites)
- HSDPA Modem එක් පරිගනකයක වැඩකිරීම සහ තවත් එකක වැඩ නොකිරීම
- HSDPA Modem තුලත් වයිරස්?
- Huawei E220 HSDPA Modem එක අධික ලෙස රත්වීම
- Techකතා තුල තාක්ෂනික පුස්තකාලයක්
- Linux මත පරිගනක ක්‍රීඩා භාවිතය (Wine හා Cedega)
- ශ්‍රී ලාංකිකයන් හැදූ පරිගනක ක්‍රීඩා – සංජය පෙරේරා සහ ෂානක ලියනගේ සමග මිනිත්තු කිහිපයක පිලිසදරක්
- Windows 7 Beta-1 7000
- Podcast සහ Feed ගැන හැදින්වීමක්
- Techකතා අලුත් recoding setup එක
- Skype 4.0
- Chrome Developer Edition 2.0.160 ගැන
- සහන සම්මන්ත්‍රණය 2009
- Firefox 3.1 සංස්කරනය
- Fedora අධ්‍යාපනික සංස්කරනයක් Fedora 11 සමග
- Sygate 2TB(2048GB) HDD එක සහ ලංකාවේ HDD වෙලදපොල
- Apple iPhone 3G ලංකාවට හදුන්වාදීම සහ එහි පසුබිම **
- ශ්‍රී ලංකාවේ Game Servers (xfire)
- Ubuntu Remaster කිරීමේදී ඇතිවන ගැටලු
- Skype මගින් පනිවිඩ පටිගත කිරීම
** Dialog සමාගම විසින් iPhone 3G ගැන පලකර තිබු සියලු විස්තර ඔවුන්ගේ වෙබ් අඩවියෙන් අද දින (පෙබ. 8, 2009) ඉවත්කර ඇති අතර, මෙයට හේතුව ලෙස පෙනෙන්නේ Dialog සමාගමට ශ්‍රී ලංකාවේ iPhone 3G අලෙවි කිරීමේ බලයක් නොමැති බවයි. Apple වෙබ් අඩවියේ iPhone 3G ලබාගත හැකි රටවල් සහ ලගදී නිකුත්වීමට නියමිත රටවල් (http://www.apple.com/iphone/countries/) අතර ශ්‍රී ලංකාව නොමැති වීමෙන් මෙය සනාත වේ.
ඔබේ පහසුව සදහා සම්පූර්න වැඩසටහන ශ්‍රවන තත්ව දෙකක් යටතේ අපි ගෙන එනවා. ඒ සමගම වැඩසටහන කොටස් දෙකක් ලෙස ඩවුන්ලෝඩ් කිරීමේ පහසුකමද ලබාදී තිබෙනවා.
High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.
[Download MP3 or Ogg]
Low Quality 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.
[Download MP3 or Ogg]
කොටස් වශයෙන් ඩවුන්ලෝඩ් කිරීමට 32Kbps
ඉතිරිය කියවන්න »
Recent Comments