Techකතා දෙවන වැඩසටහන, පැන-විසදුම් සහ ලංකාවේ හැදූ පරිගනක ක්‍රීඩා…

සතියක් ගෙවිලා ගියා නොදැනීම… ඔන්න Techකතා දෙවන වැඩසටහනත් ඇවිත්… අපිට ලැබුන ප්‍රශ්න ප්‍රමාණය හා ප්‍රතිචාර බොහොමයි, හරිම සතුටුයි ඒ ගැන නම්.

අද Techකතා නැවුම් ආකාරයකට තමයි ඔබ වෙත ගෙන එන්නේ. මොකක්ද මේ වෙනස? ඒ තමයි පටිගත කිරීමේදී පැන නැගුනු බොහෝ තාක්ෂනික ගැටලු සදහා අපි පිලිතුරු සොයා ගැනීම. අද අපේ කන්ඩායමේ සාමාජිකයින් හය දෙනා සහ ආරාධිත අමුත්තන් දෙදෙනෙකුත් සමගයි ඔබව හමුවන්නේ. කාලිංග, බුද්ධික, තිලිණ සහ හර්ෂදේව කොළඹ සිටද, මලින්ත මහනුවර සිට සහ ඩනිෂ්ක අම්බලන්ගොඩ සිට සජීවීව පටිගත කිරීම සමග එක්වෙනවා. ආරධිත අමුත්තන් දුරකතනයෙන් සම්බන්ධ වෙනවා.

Headphone mic එකක් යොදාගෙන ආරම්භ කල Techකතා තුන්වන වැඩසටහන වන විට මෙවන් දියුනුවක් ලැබීම සතුටට කාරනයක්. ඒ වගේම අපේ හර්ෂදේව Techකතා සදහා තේමා සංගීතයක් ද නිර්මානය කලා. වැඩසටහන ආරම්භයේදී හා අවසානයේදී එය ඔබට ඇසේවි

අද වැඩසටහනෙන්…

  • ආයුබෝවන් Sinhalen FOSS
  • Windows XP SP2 සමග HSDPA Modem භාවිතයේදී ඇතිවන ගැටලුව (Error)
  • Personal Firewalls (ZoneAlarm හා Sygate Personal Firewall)
  • Outlook, Gmail සමග භාවිතය (උපකාරක පුරුක)
  • ජංගම දුරකතන තුල සිංහල යුනිකෝඩ් භාවිතය (උපකාරක පුරුක)
  • Windows තුල explorer.exe වැඩිපුර CPU බාවිතය(TuneUP Utilites)
  • HSDPA Modem එක් පරිගනකයක වැඩකිරීම සහ තවත් එකක වැඩ නොකිරීම
  • HSDPA Modem තුලත් වයිරස්?
  • Huawei E220 HSDPA Modem එක අධික ලෙස රත්වීම
  • Techකතා තුල තාක්ෂනික පුස්තකාලයක්
  • Linux මත පරිගනක ක්‍රීඩා භාවිතය (Wine හා Cedega)
  • ශ්‍රී ලාංකිකයන් හැදූ පරිගනක ක්‍රීඩා – සංජය පෙරේරා සහ ෂානක ලියනගේ සමග මිනිත්තු කිහිපයක පිලිසදරක්
  • Windows 7 Beta-1 7000
  • Podcast සහ Feed ගැන හැදින්වීමක්
  • Techකතා අලුත් recoding setup එක
  • Skype 4.0
  • Chrome Developer Edition 2.0.160 ගැන
  • සහන සම්මන්ත්‍රණය 2009
  • Firefox 3.1 සංස්කරනය
  • Fedora අධ්‍යාපනික සංස්කරනයක් Fedora 11 සමග
  • Sygate 2TB(2048GB) HDD එක සහ ලංකාවේ HDD වෙලදපොල
  • Apple iPhone 3G ලංකාවට හදුන්වාදීම සහ එහි පසුබිම **
  • ශ්‍රී ලංකාවේ Game Servers (xfire)
  • Ubuntu Remaster කිරීමේදී ඇතිවන ගැටලු
  • Skype මගින් පනිවිඩ පටිගත කිරීම
** Dialog සමාගම විසින් iPhone 3G ගැන පලකර තිබු සියලු විස්තර ඔවුන්ගේ වෙබ් අඩවියෙන් අද දින (පෙබ. 8, 2009) ඉවත්කර ඇති අතර, මෙයට හේතුව ලෙස පෙනෙන්නේ Dialog සමාගමට ශ්‍රී ලංකාවේ iPhone 3G අලෙවි කිරීමේ බලයක් නොමැති බවයි. Apple වෙබ් අඩවියේ iPhone 3G ලබාගත හැකි රටවල් සහ ලගදී නිකුත්වීමට නියමිත රටවල් (http://www.apple.com/iphone/countries/) අතර ශ්‍රී ලංකාව නොමැති වීමෙන් මෙය සනාත වේ.

ඔබේ පහසුව සදහා සම්පූර්න වැඩසටහන ශ්‍රවන තත්ව දෙකක් යටතේ අපි ගෙන එනවා. ඒ සමගම වැඩසටහන කොටස් දෙකක් ලෙස ඩවුන්ලෝඩ් කිරීමේ පහසුකමද ලබාදී තිබෙනවා.

  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEp3/TechKatha-Episode3-full-32khz-64kbit_64kb.mp3]
    [Download MP3 or Ogg]
  • Low Quality 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEp3/TechKatha-Episode3-full-32khz-32kbit_64kb.mp3]
    [Download MP3 or Ogg]
  • කොටස් වශයෙන් ඩවුන්ලෝඩ් කිරීමට 32Kbps
    [පලමු කොටස MP3 or Ogg]
    [දෙවන කොටස MP3 or Ogg]
  • දිගටම කියවන්න Techකතා දෙවන වැඩසටහන, පැන-විසදුම් සහ ලංකාවේ හැදූ පරිගනක ක්‍රීඩා…