Techකතා හතර වන වැඩසටහන, පැන-විසදුම්, සිංහල යුනිකේත ගැටලු

Techකතා හතර වන වැඩසටහන පටිගත කල අද(පෙබ. 20) දින Techකතා කණ්ඩායමට ත්‍රාසජනක අත්දැකීමකට මුහුන දෙන්න සිදු උනා. ඒ තමයි කොළඹට එල්ලවූ ත්‍රස්තවාදී ගුවන් ප්‍රහාරය. අප පටිගත කිරීම් ආරම්භ කිරීමට සැරසෙන විටම තමයි මෙම ප්‍රහාරය පිලිබද දැනුම් දීම ලැබුනේ. එවිට අප සිටියේ කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේ බටහිර කුලුනේ 28 වැනි මහලේ. හදිසි අවස්ථාවක් යටතේ තට්ටු 28ක් පඩිපෙල දිගේ බැස අවදානම් තත්වය පහවන තුරු පැය කිහිපයක් ආරක්ෂිත ස්ථානයක රැදී සිටීමට අපිට සිදු උනා.

සතුරු යානා බිම හෙලීමට හැකිවූ අපේ රණ විරුවන්ට අපගේ උත්තමාචාරය. ඒ වගේම සිදුවූ ජීවිත සහ දේපල හානිය පිලිබදවත් අපි කනගාටු වෙනවා.

ඒ මොහොතේ දැනුන මරණ බියත්, ක්ෂනිකව ආරක්ෂිත ස්ථාන කරා යාමෙන් ඇතිවූ වෙහෙසත් මැඩ පවත්වා ගනිමින් කෙසේ හෝ අපි Techකතා හතර වන වැඩසටහන පටිගත කරා. මෙවර වැඩසටහන් අන්තර්ගතයේ කිසියම් ගුනාත්මක අඩුවක් ඇත්නම් ඒ පිලිබද අපි අපේ කණගාටුව ප්‍රකාෂ කරනවා. මොකද අපි ඉදිරිපත් කිරීමට සූදානම් වූ බොහොමයක් අංග අවලංගු කිරීමට ඇතිවූ බලාපෙරොත්තු රහිත හදිසි තත්වය හේතු උනා.

අද තිලිණ, බුද්ධික, හර්ෂ සහ කාලිංග කොළඹ සිටද, මලින්ත මහ නුවර සහ ඩනිෂ්ක අම්බලංගොඩ සිටද පටිගත කිරීමට සහභාගි වෙනවා. සිංහල යුනිකෝඩ් සම්බන්ධ ගැටලු සාකච්චා කිරීමට දසුන් සමීර අපි සමග දුරකතනයෙන් සම්බන්ධ වෙනවා.

ඔබගේ ජංගම දුරකතනයෙන් Techකතා සමග සම්බන්ධ විය හැකි “Techකතා Mobile” අඩවියද මූලික පරීක්ෂන කටයුතු සදහා පසුගිය සතියේදී අපි ඔබට ලබා දුන්නා. ඔබ කල යුත්තේ http://m.techkatha.com යන ලිපිනය ඔබගේ ජංගම දුරකතනයේ ඇති වෙබ් බ්‍රවුසරයට ඇතුලත් කිරීම පමනයි. මෙය පරීක්ෂා කර ඔබගේ ප්‍රතිචාර info[at]techkatha.com යන ඊමේල් ලිපිනයට ලබාදී අපිට සහයෝගයක් ලබා දෙන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. ඔබ ප්‍රතිචාර දක්වන විට ඔබගේ දුරකතන මාදිලිය, අපගේ වෙබ් අඩවිය දුරකතනයේ හොදින් දර්ශනය වුනාද, පසුගිය Techකතා වැඩසටහන් වලට සවන්දිය හැකිද යන කාරනා සදහන් කරන්නේ නම් එය අපිට පහසුවක්.

ඒ වගේම මෙම වෙබ් අඩවියට සම්බන්ධ විය හැකි ලින්ක් එකක් ඔබගේ බ්ලොග්/වෙබ් අඩවියේ පල කිරීමට හැකි නම් තවත් බොහෝ දෙනෙකුට අපේ සේවාව ලබා ගැනීමට එය පිටුවහලක් වේවි. ඒ සදහා සුදුසු Techකතා බැජ් මෙතනින් ලබා ගත හැකියි. සම්මත ප්‍රමාන වලින් මෙහි පල කර ඇති බැජ් වලට අමතරව ඔබට අවශ්‍ය ප්‍රමානය අපිට දැනුම් දෙන්නේ නම් එම ප්‍රමාන වලින් ද බැජ් ලබා දිය හැකියි.

අද වැඩසටහනින්…

  • Low Quality 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEp5/TechKatha-Episode5-full-44.1khz-32kbit_64kb.mp3]
    [Download MP3 or Ogg]
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEp5/TechKatha-Episode5-full-44.1khz-64kbit_64kb.mp3]
    [Download MP3 or Ogg]
  • කොටස් වශයෙන් ඩවුන්ලෝඩ් කිරීමට 32Kbps
    [පලමු කොටස MP3 or Ogg]
    [දෙවන කොටස MP3 or Ogg]
  • දිගටම කියවන්න Techකතා හතර වන වැඩසටහන, පැන-විසදුම්, සිංහල යුනිකේත ගැටලු