Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා නව වන වැඩසටහන, පැන විසඳුම්, Techපුවත්

Techකතා 9 වන පටිගත කිරීම සුපුරුදු පරිදි සිකුරාදා සිදු වුණේ නැහැ. සෙනසුරාදා සවස 6 වෙනකොට පටිගත කිරීම පටන් ගන්න තීරණය වුණා. ඉතින් තිලිණයි, මායි (කාලිංග) උදෙන්ම පොඩි වැඩකට ගියා.  කොහොම හරි 6 වෙනකොට අපේ හර්ෂ ඔන්න කතාකරල කියනවා එන්න බෑ පොඩි වැඩක් කියලා. බුද්ධික 7.30 වෙනකොටත් නෑ, තිලිණට වැඩක් නිසා තිලිණට 8.30 වෙනකොට ගෙදර යන්න ඕනේ ලු. කොහොම හරි අද මමයි, බුද්ධිකයි බත්තරමුල්ලේ සිටද, තිලිණ, හර්ෂදේව, ඩනිෂ්ක Skype මගින්ද සම්බන්ධ වුණා. අපේ ලෝ.ගී.මා (මලින්ත)ට තාම අලුත් පරිගණකයට mic එකක් සවිකරගන්න බැරුව දඟලන නිසා මේපාර සම්බන්ධ වෙන්න බැරි වුණා.

ඉරිදා Techකතා නව වන වැඩසටහන දාන්න සිටියත්, බුද්ධික හා මම වැඩ පොඩක් වැඩි නිසා ඒක සඳුදා රෑ වෙනකන් කල් ගියා. ඉතින් ඒකට අපි සමාව ඉල්ලා සිටිනවා. ඒ එක්කම දැන් Techකතා Google Group වලද ඉන්නවා. මේ සමග සම්බන්ධ වී ඔබගේ දැනුම අනිත් අය එක්ක බෙදාගන්න.

අද වැඩසටහනින්,

  • Ubuntu 8.10 WiFi Driver ගැටළුව (Hardware/Detection)
  • Linux වලදි එන Hardware drivers ගැටළු
  • වින්ඩෝස්වල NTDLR Missing ගැටළුව (How to fix “NTLDR is Missing” for Win XP)
  • Windows XP CD Boot ගැටළුව
  • SSH කිරීමේදී වෙලාවක් ගතවීම
  • සමහර සිංහල වෙබ් අඩවි IE වල පමණක් දිස්වන්නේ ඇයි?
  • සිංහල යුනිකේත භාවිතය වැඩි කිරීමට අදහසක්
  • වින්ඩෝස් XP 64bit සඳහා සිංහල යුනිකේත සහය
  • යල්පැනගිය පරිගණක අධ්‍යාපනය
  • Gmail වල inline image එකක් දමන්නේ කෙසේද?
  • IE වල Titlebar එකේ විවිධ අඩවිවල නම් ඇතුලත් වීම (Renameing IE’s title bar)
  • අනුන්ගේ වෙබ් අඩවි තමන්ගේ අඩවි ලෙස පෙන්වීම
  • USB Flash driver එක සම්බන්ධ කිරීමෙන් පසු, පරිගණකය boot නොවීම
  • Fedora වල සිට video streaming කිරීම
  • ලැප්ටොප් හෝ ඩෙස්ක්ටොප් පරිගණකයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
  • Skype හා Web Cam ගැටළුව
  • සිංහල ටයිප් කිරීම, විජේසේකර යතුරු පුවරුව (සිංහල යතුරු පුවරු)
  • Techපුවත්: iPhone OS 3.0
  • Techපුවත්: Chrome Beta release
  • Techපුවත්: Browser Hacker test
  • Techකතා දැන් Google Group එකක් ලෙස
  • Techකතා දැනුම් ගබඩාවට දායකවීමට ඔබටත් අවස්ථාවක්
  • High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.


    [Download MP3 or Ogg]

  • Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.


    [Download MP3 or Ogg]

  • කොටස් වශයෙන් ඩවුන්ලෝඩ් කිරීමට 32Kbps
    [පළමු කොටස MP3 or Ogg]
    [දෙවන කොටස MP3 or Ogg]
  • Category: Techකතා, Techපුවත්, පැන විසඳුම්

    Tagged:

    10 Responses

    1. ඒත් මෙදාපාර බාන්න හදනකොට, පලවෙනි කොටසට විතරක්. පැය 6ක් කියනව.

      ටෙක් කතා අහන්න ඕනෙ හංදම, අද නෙට් කැෆේ එකකට ගිහින් බාන්න හැදුව. එතනත් එක කොටසකට පැයක් කියනව… ඒත් වෙන දේවල් ගැටලුවක් නැතුව බාගත වෙනව..

      ස්ටීමින් එකත් කනෙක්ටින් කියල වැටෙනව විතරයි ප්ලේ වෙන්නෙ නෑ,

      කරදරයක් නෙමෙයි නම්. පොඩ්ඩක් බලන්න.
      තාමත් මට අහන්න බැරි උනා 🙁 🙁

      ප ලි : : සයිට් එක ලෝඩ් වෙන්න යන වෙලාවත් ගොඩක් වැඩී වගේ.. මම භාවිතා කරන්නෙ උබුන්ටු 9.04 ඇල්පා 6, හා මම රීමාස්ටර් කරගෙන යන. උබුන්ටු සංස්කරණයක්. (ඒ කියන්නෙ 8.10), කැෆේ එකේදි මම සාමාන්‍යයෙන් භාවිතා කරන DSL (damn Small Linux) වලිනුත් බැරිම තැන වින්ඩෝස් XP වලිනුත් බැලුව.. නෝ ලක් ඇට් ඕල්

      DSL හැර අන් සියලු තැන් වලදී ගිනිහිවලා 3.0 භාවිත කලා

    2. ඒත් මෙදාපාර බාන්න හදනකොට, පලවෙනි කොටසට විතරක්. පැය 6ක් කියනව.

      ටෙක් කතා අහන්න ඕනෙ හංදම, අද නෙට් කැෆේ එකකට ගිහින් බාන්න හැදුව. එතනත් එක කොටසකට පැයක් කියනව… ඒත් වෙන දේවල් ගැටලුවක් නැතුව බාගත වෙනව..

      ස්ටීමින් එකත් කනෙක්ටින් කියල වැටෙනව විතරයි ප්ලේ වෙන්නෙ නෑ,

      කරදරයක් නෙමෙයි නම්. පොඩ්ඩක් බලන්න.
      තාමත් මට අහන්න බැරි උනා 🙁 🙁

      ප ලි : : සයිට් එක ලෝඩ් වෙන්න යන වෙලාවත් ගොඩක් වැඩී වගේ.. මම භාවිතා කරන්නෙ උබුන්ටු 9.04 ඇල්පා 6, හා මම රීමාස්ටර් කරගෙන යන. උබුන්ටු සංස්කරණයක්. (ඒ කියන්නෙ 8.10), කැෆේ එකේදි මම සාමාන්‍යයෙන් භාවිතා කරන DSL (damn Small Linux) වලිනුත් බැරිම තැන වින්ඩෝස් XP වලිනුත් බැලුව.. නෝ ලක් ඇට් ඕල්

      DSL හැර අන් සියලු තැන් වලදී ගිනිහිවලා 3.0 භාවිත කලා

      ———————

      me comment eka dannath godak amaarui ne… Network Time out. venava..

      Bandwidth ivarai da? :-O

    3. duminda says:

      වැ‍ඩෙ හොදයි!!!!!බොහොම ස්තූතියි!!!!

    4. @ගයාන් කල්හාර

      Techකතා ඕඩියෝ ෆයිල්ස් හොස්ට් කරල තියෙන්නෙ archive.org සයිට් එකේ. අද ඒ සයිට් එක ටිකක් ස්ලෝ වගේ. මම දැන් ඩවුන්ලෝඩ් කරනකොට 8kB/s වගේ වේගයක් තමයි ආවෙ.
      තව ටික වෙලාවකින් උත්සාහ කරල බලන්න.

    5. kalinga says:

      @ගයාන් කල්හාර

      මම දැන් බැලුවා, ගැටලුවක් නෑ
      වෙන අයට මේ ගැටලුව තියනවා නම් කියන්න.

    6. @ බුද්ධික ජයසිංහ

      හෆොයි මට ලැබෙන්නෙ 0.55 ත් 2.63ත් අතර… ඩයල් අප් නිසා වෙන්න ඇති.. අපි ටවර් වලට ගොඩක් ඈත. ඒත් වෙන අඩවි වලට ප්‍රශ්න නෑ… මම දැන් ටිකකට කලින් වෙන පොඩ් කාස්ට් එකක් බැලුව. ඒකත් එහමයි . සයිට් ඒකේ වරදක් වෙන්ටැති.. මොනව කරන්නද?.. රෑ තිස්සෙ දෙකම බාන්න දාන්නයි වෙන්නෙ 🙁 🙁

    7. kalinga says:

      @ගයාන් කල්හාර

      මම ඔයාට අපේ සවර් වල සිට download කරන්න ලින්ක් එකක් එව්වා, ඒක නම් ස්ලෝවෙන්න විදියක්ම නෑ, පොඩක් බලලා කියන්න.

    8. ඔන්න තවත් අවුලක්.. 1 කොටසෙ MP3 බාගත්ත. ඒත් ප්ලේ වෙන්නෙ නෑ… වෙන MP3 හොඳට ප්ලේ වෙනව. ඇමරොක්ස්. හා එම්ප්ලේයර් දෙකෙන්ම බැලුව.. හෆොයි… මොකද මේ වෙන්නෙ ? කාටවත් මගේ ගැටලුව ආවද? OGG එක තම වෙනද බාන්නෙ. අද MP3 බෑවෙ ඒකෙ ප්‍රමාණෙ අඩු නිසා. භාවිතා කලේ ගිනි හිවලාගේ ඩවුන්ලෝඩ් අංගය…

    9. @ කාලින්ග.

      මම ඉස්සෙල්ල කමෙන්ට් එක දැම්මට පස්සෙයි මේල් එක දැක්කෙ. සමාවෙන්න. මේ දැන් ඒක බානව.. මේකෙ නම් 5.28ක් විතර එනව. බලමු.

      බොහොම ස්තූතියි. මෙතරම් ඉක්මනින් ප්‍රතිචාර දැක්වුවාට

    10. Ubuntu WiFi ගැටළුවට හොඳ විසඳුම madwifi කියන පැකේජ් එක. Just google it 😉

    Leave a Reply

    Techකතා අසන්නන්ගේ උපකාර

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group