Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා දොලොස් වන වැඩසටහන, පැන විසඳුම්

අපි Techකතා 12 වන වැඩසටහන සමගින් ඔබ හමුවන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්ද ලැබීමට දින කිහිපයක් තිබියදී. අවුරුද්ද ලග ලගම එන නිසා අනිත් හැමදෙනාම වගේ අපේ Techකතා කන්ඩායමත් ටිකක් කාර්යබහුල වෙලා. අද වැඩසටහනට තිලිණ සම්බන්ධ වන්නේ නැහැ. සුපුරුදු පරිදි කාලිංග, හර්ෂ, බුද්ධික, ඩනිෂ්ක සහ මලින්ත අද වැඩසටහන සමග ඔබ හමුවට එනවා.

වැඩසටහන් කිහිපයකට පසුව මෙවර වැඩසටහනේදී අපි ඔබට නව නිර්මාන කරුවෙකු හදුන්වා දෙනවා. ඔහු නමින් ධනික කෞශල්‍ය පෙරේරා. වැඩසටහන අතරතුරේදී ඔහුත් සමග පැවැත්වූ දුරකතන සංවාදයට ඔබට සවන්දිය හැකියි.

අලුත් අවුරුද්දේ අපි ඔබ හමුවට එන පලමු වැඩසටහන සජීවී ලෙසින් ගෙන එන්න තමයි අපගේ සූදානම. අපි මීලග පටිගත කිරීම කරන දින, එනම් අප්‍රේල් 17 වැනි සිකුරාදා සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් සංවිධානය කරන “බ්ලොග් මැරතන්” එකත් පැවැත්වෙනවා. Techකතා සමග සම්බන්ධ වෙන බොහෝ දෙනෙක් බ්ලොග් මැරතන් එක සමගද සම්බන්ධ වන නිසා එදින වැඩසටහන මැරතන් එක අතරතුර කොටස් වශයෙන් සජීවීව ඔබවෙත ගෙන ඒමට අපි අදහස් කරනවා. එදිනට ඔබ අසන පැනයට පිලිතුර ඉතාමත් ඉක්මනින් ලබාගෙනීමට අවස්ථාව උදාවෙනවා.

ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාටම සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා.

අද වැඩසටහනින්….

  • Techකතා 17 වෙනිදා රෑ අටේ සිට සජීවීව
  • Apple iPhone 3G ගැන (කාලිංගගේ බ්ලොග් සටහන)
  • ඩනිෂ්ක Localization පටන් ගෙන වසර දෙකක් පිරීම (ඩනිෂකගේ බ්ලොග් සටහන)
  • සිංහලෙන්FOSS පටන්ගෙන වසරක් පිරීම (සිංහලෙන්FOSS අඩවිය)
  • Skype Phone එකක් HSDPA සමග භාවිතය
  • නොනවත්වා AMD පරිගනකයක් ධාවනය කිරීම (24 x 7)
  • Lectures පටිගත කිරිමට හොද Voice recoder එකක්
  • USB Pen එකක් සවිකලවිට පරිගනකය restart වීම
  • Suntel CDMA Phone එකක් Ubuntu 8.10 සමග භාවිතා කර අන්තර්ජාලයට සම්බධ වීම (උපකාරක් අඩවිය)
  • ධනික කෞශල්‍ය පෙරේරා සමග පිලිසදරක්
  • ලිනක්ස්/වින්ඩොස් සදහා හොද OpenSource Proxy එකක් ( Webmin , Squid)
  • Windows පද්ධතියක ඇති Virus ඉවත් කිරීම (Malicious Software Removal Tool)
  • Nokia N70 දුරකතනයක antivurs install කිරිමේ ගැටලුව (Nokia Software Update)
  • Gmail වල Inlineimage දැමීම Gmail LAB
  • Opera Mini සිංහල සහය (ඇත්තටම මෙය වැඩ නොකරන බව පසුව දැක්කා)
  • High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 or Ogg]

  • Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 or Ogg]

    • Share/Bookmark

    Sinhala Unicode

    Please install Sinhala Unicode if you can't view the text properly.

    Techකතා සජීවීව!

    සෑම බ්‍රහස්පතින්දාම රෑ9:00 සිට අපේ podcast එක සමග සජීවීව එකතුවන්න!

    techkatha.com/chat/ පටිගත කරන වෙලාවන් හා වෙනත් Techකතා updates සදහා add ලෙස type කොට 0714712774 වෙත SMS කරන.

    අපෙන් ප්‍රශ්න අහන්න

    Skype Me™!

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group

     

    April 2009
    M T W T F S S
    « Mar   May »
     12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930