Apr 19, 2009 0
Techකතා සජීව විකාශය
ඔන්න අප පොරොන්දු වූ පරිදි සිංහල බ්ලොග් මැරතන් එක අතරතුර Techකතා සජීව විකාශය ඔබ වෙත ගෙන ආවා. අපිට ලැබුණ ප්‍රතිචාර නම් හරිම ඉහළයි. ඔබගේ ප්‍රතිචාර මත ඉදිරි Techකතා වැඩසටහන් තුළ නව වෙනස්කම් ඇති කිරීමටද අප උනන්දු වුණා.
අප්‍රේල් 17 වැනිදා රාත්‍රී 8ට අප ආරම්භ කළ සජීව විකාශය 18 වැනිදා සවස 2 පමණ වනතුරු සුළු බාධා හමුවේ වුවත් සාර්ථකව ගෙන ඒමට අපට හැකි වුණා. එහෙත් හදිසියේ ඇතිවූ නොවැළැක්විය හැකි තාක්ෂණික ගැටළුවක් නිසා සජීව විකාශය අවසාන කිරීමට බලාපොරොත්තුවෙන් සිටි වේලාවට වඩා පැය 6කට කළින් නවතා දමන්න අපට සිදුවුණා. ඒ සම්බන්ධව Techකතා සමග නිරතුරුව රැඳී සිටි ඔබ හැමගෙන් අප සමාව ඉල්ලා සිටිනවා.
සජීවීව ඉදිරිපත් කළ වැඩසටහන පටිගත කිරීමක් ලෙස අප ඔබ වෙත ගෙන එනවා. ඒ සජීව විකාශයට සම්බන්ධ වීමට නොහැකි වූ ඔබ හැම වෙනුවෙන්මයි.
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.


Recent Comments