Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:48වන වැඩසටහන සහ පැණ-විසඳුම්

Techකතා 48වන වැඩසටහන 2010 ජනවාරි මස 14වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික හා තිලිණ සම්බන්ධ වූ අතර සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.

මේ වෙනකොට Techකතා Facebook සමුහයේ සාමාජිකත්වය ගෙන නැත්නම් දැම්ම එයට සාමාජිකත්වය ලබාගන්න ඒ එක්කම යාලුවන්ටත් කියන්න. ඉක්මනින් තාක්ෂනික ගැටලු වලට උදව් උවමනා නම්  Techකතා Google සමුහය එකතුවන්න, ඉක්මනට පිලිතුරු ලබාගැනීම සදහා අපේ Community එකෙන් අහන්න ලේසිම විදිය. Techකතා Community එකට සම්බන්ද වෙන්න හරිම ලේසියි, මෙම පිටුවේ දකුනු පස Google Groups ලෙස ඇති තැනට ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී Subscribe කරන්න. ඉන්පසුව ඔබට සමුහයට ඇතුලත් කල විට ඔබට ඊමේල් මගින් අය දැනුම් දෙනු ඇති, පැනයක් ඇසීමට [email protected] ඊමෙල් ලිපිනයට ඊමේල් කරන. එකිනෙකාට උපකාර කරගන්න වගේම දැනුව බෙදාගන්න මේක හොද තැනක්. හැබැයි ඊමෙල් එවන්න කලින් ඒවා Techකතා සමුහයේ ආචාරධර්ම වලට අනුකූලදැයි බැලීමට කාරුණික වන්න.

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන්, වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

පසුගිය වැඩසටහන මෙන්ම හැම පැනයක්ම කතාබහට ලක්කරන ඇරබූ කාලය අපි  හැම පැනයට ඉදිරියෙන් ලබා දෙනවා.

අද වැඩසටහනින්…

  • [02:03] Mobile Phone ගන්න හොද තැන්.
  • [03:28] Nokia වල Fake Phones
  • [04:39] Camera හා Sound හොද Phones
  • [05:26] Cybershot යනු කුමක්ද ?
  • [06:27] Linux හොදම OS එක මොකද්ද ?
  • [07:24] Linux Dual boot කිරීම.
  • [08:07] HP 610 Laptop එකක් හොදයිද ?
  • [09:14] HDD Defrag කරන්න හොද software එකක්.
  • [10:02] පිටරටින් ගෙනාපු සැටලයිට් reciver එකක් මෙහි භාචිතා කිරීම. (උපකාරක පුරුක)
  • [13:28] Bluetooth ඩොන්ගල් දෙකක් යොදාගෙන computer දෙකක් සම්බන්ධ කිරීම.
  • [13:49] විදුලි බිල අඩුකරන උපකරණ ඇත්තද ?
  • [16:53] RM එක mp3 කිරීම.
  • [17:21] Finger print එකන් log වෙන එක disable කිරීම.
  • [18:13] XP SP3 දැමීමෙන් පසු සිංහල වැඩ නොකිරීම.
  • [20:51] Unsecure WiFi එකක්ට සම්බන්ද වීම.
  • [22:11] Access DB එකකට සිංහල හා English එකට ලිවීමට නොහැකි වීම.
  • [22:56] Windows XP වල Screenshot එකක් ගැනීම.
  • [24:09] 5.1 DVD player එකක් 5.1 Computer Sub එකකට සවිකිරීම.
  • [26:03] Rs.80,000 කට වෙනමම VGA ඇති Laptop එකක් ගැනීම.
  • [28:58] Singer එකෙන් DVD එකක් ගැනීම.
  • [31:21] 3D Blu-Ray හා TV
  • [32:31] Nokia Phone එකකින් internet යනකොට එන error එක.
  • [33:37] Bad System Config Blue Screen එකක් ඒම.
  • [34:34] Apple වලින් එන Tablet PC එකක් ?
  • [38:37] 3.6Mbps එකක් 160kbps download එන එක Normal ද?
  • [39:27] MSSE වලට Proxy එකක් හරහා update දීම.
  • [39:52] 9800 VGA එකක් සවිකිරීම.
  • [40:41] Mobile Application හදන්න ඉගෙන ගැනීම.
  • [42:04] Windows හා Program file එකපාර restore කිරීම.
  • [42:50] Video Editing හා Gaming වලට අඩු මිල VGA එකක්.
  • [43:48] 3D Animation industry in Sri Lanka
  • [44:37] Blog පොස්ට් එකක Link එකක් ලෙස URL එක්ක් දැමීම.
  • [46:03] Microsoft නොමිලේ Software APIIT, SLIIT වලට.
  • [47:09] XP SP3 වලට සිංහල දැමීම.
  • [47:41] හොදම download manager එක.
  • [48:11] Dell ලැප්ටොප් එකක් ගන්න සුදුසු තැන.
  • [48:34] Internet නැති පරිගනකයකට Windows Update දැමීම.
  • [49:13] RAM එකේ වේගය බැලිම. (CPU-Z)
  • [49:22] Windows XP USB Drive එකක් සෑදීම.
  • [49:59] Blog post එකකට HTML code දැමීම.
  • [51:29] හොදම HSDP package එකක් හා Dongal එකක් ගැනීම.
  • [52:39] අකුණු ගහන වෙලාවට TV බලන්නේ කොහොමද ?
  • [55:14] Apache හා WAMP අතර වෙනස
  • [55:37] Dialog 3.6Mbps සම්බද උවද 50~120kbps වේයන් ලැබීම.
  • [57:01] PIC Microcontroller වලට ඇති project page.
  • [57:30] Dual Layer යනු කුමක්ද හා DVD වල ධාවනය, ප්‍රමාණය.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (27MB) or Ogg (37MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5MB)]

  • Category: Techකතා, පැන විසඳුම්

    Tagged:

    9 Responses

    1. Chinthana J. says:

      Elazzzzzzzzzzzzzzzzzz!
      48 out wenakan balan hitiye!! thanx ayyala!

    2. Sadeepa says:

      @[13:49] විදුලි බිල අඩුකරන උපකරණ ඇත්තද ?

      මේ ගැජට් නම් 99% බොරු. මේ කියපු capaciter එකෙන් නම් වෙන්නෙ power factor correction කියන එකයි. මේක වැදගත් වෙන්නෙ industrial power පාවිච්චි කරන අයටයි. ඒගොල්ලො peak demand (KVA) වලට ගෙවනවා. මේ සදහා CEB එක peak demand – KVA මීටරයක් සවිකරල තියෙනෙවා. ඉතින් ගෙවල් වල අපට එහෙම මීටර් නැති නිසා එකෙන් අපිට විදුලි බිලට power factor බලපෑමක් නම් නැහැ. අනිත් එක ඔය spike කතාවත් වැද්ගත් නැහැ. මොකද මේ ගැජට් ඔක්කොම හයි කරන්නෙ විදුලි මීටරයට පස්සෙ නිසා . ගැජට් එක spike filter කරන කොට මීටරය අස්සෙන් spike එක ඇවිල්ලා ඉවරයි.

      තවත් විස්තර සදහා පහත සබැදියන් බලන්න.
      http://michaelbluejay.com/electricity/powerfactor.html

      http://open4energy.com/forum/home/scam/energy_saving_scams

    3. sasika says:

      i am using an iphone 3g (jailbroken), was able to use it for about 12~14hours a day on a single charge with substantial usage wifi,internet, calls,gps etc. but suddenly the battery started to drain even without using in about 6~7 hours. any suggestions? will restoring the software and jailbreaking again help?

      this started happening after it showed battery full even when battery was low when i connected it to power (both pc and wall socket). after i rebooted this problem was fixed but the battery draining fast thing happened.

    4. Akila DJ says:

      Orbit, Free DM, DAP, FlashGet ඔක්කොම බැලුවම Speed එකේ හා Download වෙන විදිහෙ වැඩි වෙනසක් නෑ. එකක් වත් නරක නෑ 😀
      ඔය ඔක්කොම Free

      ඒත් සල්ලි දීල ගන්න IDM (Internet Download Manager) එක වෙනස්. කෑලි කඩන විදිහත් Dynamically වෙනස් වෙනව. ඇතුලෙත් වෙනස් Algorithm ලු පාවිච්චි වෙන්නෙ.
      ඒත් මේකෙ Free version එකක් නෑ නෙ 🙁
      YouTube ඒව බාන්නත් මරු. load වෙලා ඉව‍ර වුනු ඒව Cache එකෙන් කෙලින්ම ගන්නව. (Video DownloadHelper එකේ cache බලන beta එක වගේ. ඊට වඩා සාර්ථකව)
      Lab වල ෆිල්ම් බාද්දි නම් IDM පැහැදිලිවම Orbit එකට වඩා ඉදිරියෙන් හිටිය වගේ. ඉස්ස‍ර නිවාඩු දවස් වල නම් oneclickmoviez.com එකෙන් අඩුම ගානෙ 10ක් වත් බානව. ඒත් ඒවගෙන් බලන්නෙ එකයි දෙකයි 😀
      දැන් නම් ඒ හොර වැඩ කරන්නෙ නෑ…. 😉

      Firefox එකේ නම් DownThemAll! addon එකත් ගොඩක් හොදයි. අනික් ඒව වගේම කෑලි කඩල, resume එක්ක බාන්න පුලුවන්. තියන ලොකුම වාසිය සමහර External Manager එකක resume ක‍රන්න බැරි සමහර දේවල් මේකෙන් resume කරන්න පුලුවන්. Download Manager වලට අකමැති සයිට් වලින් උනත් ගොඩක් වෙලාවට අවුලක් නෑ…

      FlashGOT addon එක Download Menu එකේ Front-End එක විදිහට දාගත්ත නම් ඕනෙ ක‍රන වඩාත් සුදුසු manager එක ඒ ඒ වෙලාවට තෝරගෙන වැඩේ කරගන්න පුලුවන් 🙂

    5. Darshana says:

      @sadeepa අයියා

      බොහොම ස්තුතියි ඔබේ පැහැදිලි කිරීමට … කාලිංග අයියාගේ රෙකමදාරු කිරීම මත පහත සඳහන් උපකරණය මිලදී ගත්තා.

      කෝකටත් දැන් ගත්ත එකේ ගහල බලල කියන්නම් … අඩු ගානෙ තව කෙනෙකුට ඒක ප්‍රයෝජනවත් වෙයිනෙ.

      http://www.uxsight.com/product/40206/technology-home-electricity-digital-energy-power-saver-18kw.html

      ස්තුතියි

    6. Chinthana J. says:

      ayyala ikamanata 49 post karandoooo!

    7. Kolama says:

      දර්ශන,

      මේකෙන් ප්‍රතිඵල ගන්න මේක මීටරයට කලින් හයි කරන්න ඕනද ?.

    8. pavithra says:

      Kolama,

      meter ekata kalin kisi deyak set karanna CEB ida denne na. eka illegal. anika ehema kala kiyala oken wena power saving ekak na. Sadeepa kiyala thiyenawa wage oya capacitor/inductor walin karanne Power factor correction ekai. ehema unath eka balapanne inductive loads walata (moters,AC etc..)

      ochchara podi gadget ekaking KW ganak load ekaka PFC / filtering karanna puluwan de kiyana eka mata nam sakai.

    9. පවිත්‍ර,

      පැහැදිලි කිරීමට බොහෝම ස්තුතියි. 🙂

    Leave a Reply

    Techකතා අසන්නන්ගේ උපකාර

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group