Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:158වන වැඩසටහන! (Video)

Techකතා 158වන වැඩසටහන 2013 පෙබරවාරි  15වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික වගේම  චම්ලි ද සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

 

  • [00:00:44] : iOS 6.1 වල ස්ක්‍රීන් අන්ලොක් ගැටලුව ඊලග අප්ඩේට් එකෙන් විසදේ.
  • [00:01:02] : රුසියාවට උල්කාපාතයක් වැටිලා.
  • [00:01:28] : Steam game platform එක Linux වලට නිකුත් වේ.
  • [00:01:45] : ඉන්ටර්නෙට් වල බදු මුදල් අඩු කෙරේ.
  • [00:02:27] : සමාගම් වල භාවිතා කරන සර්වර් ගැන විමසුමක්.
  • [00:06:18] : Android 4.2.2 පැමිණේ.
  • [00:06:32] : ASP.NET සයිට් එකකට චැට් සර්විස් එකක් දාගන්නේ කොහොමද?.
  • [00:08:51] : Server to server migration එකක් කරන්නේ කොහොමද?.
  • [00:10:09] : Videocon satellite ලංකාවේ භාවිතය නීතිවිරෝදීද?.
  • [00:11:14] : ටෙක්කතා අනුමත නොකරන තැනකින් ලැප් එකක් අරන් සිදුවූ තවත් දෙයක්.
  • [00:15:02] : PEO TV, Apple TV සහ Dialog TV අතර වෙනස්කම් මොනවද?.
  • [00:16:36] : Dedicated server එකක් server migration කරන්නේ කොහොමද?.
  • [00:17:13] : Windows 7 වලදී ඉන්ටර්නෙට් හරහා ටීවී බලන්න පුලුවන්ද?.
  • [00:18:04] : Antenna input එකක් විතරක් තියෙන ටීවී එකකින් audio out එකක් ගන්නේ කෙසේද?.
  • [00:20:41] : In built radio තියෙන subwoofer ගන්න තියෙනවද?.
  • [00:22:50] : හොද subwoofer වර්ග මොනවද?.
  • [00:26:19] : Live video stream එකක් ලේසියෙන්ම කරන්නේ කොහොමද?.
  • [00:26:43] : Microlab subwoofer හොදයිද?.
  • [00:28:41] : හොද Memory card reader එකක් තෝරාගන්නේ කොහොමද?.
  • [00:29:54] : අලුත් සිම් කොපි කරන්න පුලුවන්ද?.
  • [00:30:13] : පරිගණකයකට USB මගින් ප්‍රොසෙසර් එකක් සම්බන්ධ කරන්න පුලුවන්ද?.
  • [00:31:55] : Hard disk, Pen drive සහ memory card වල ධාරිතාවය දක්වන්නේ කෙසේද?.
  • [00:33:19] : Windows 7 සමග Mac mountain Lion dual boot කරන්න පුලුවන්ද?.
  • [00:33:39] : හොද DSL කැමරා වර්ග මොනවද?.
  • [00:34:54] : සාමාන්‍ය භාවිතයට හොද ඩිජිටල් කැමරාව කුමක්ද?.
  • [00:35:08] : මැප් වර්ග වලින් හොදම මැප් වර්ගය කුමක්ද?.
  • [00:35:28] : autorun.inf වයිරසය අයින් කරගන්නේ කොහොමද?.
  • [00:35:57] : ස්ථාන දෙකක සිට excel ෆයිල් එකක් update සහ sync කරන්නේ කෙසේද?.
  • [00:37:57] : Asus ලැප්ටොප් හොදයිද?.
  • [00:37:07] : මොරටුවේ හා කොළබ විශ්වවිද්‍යාල දෙකෙන් හොද IT degree එක කුමක්ද?.
  • [00:38:15] : Cloud හා Google fiber යනු කුමක්ද?.
  • [00:39:28] : Dialog mobile broadband ගැන techකතා වලින් විමසුමක්.
  • [00:46:54] : අලුතෙන් ප්ලාස්මා ටීවී එකක් මිලදී ගැනීමට උපදෙස්.
  • [00:51:21] : Intel ප්‍රොසෙසර් වල ජෙනරේෂන් වල ඇති වෙනස්කම් මොනවද?.
  • [00:58:49] : Intel i3 3rd generation ප්‍රොසෙසර් එකකට සෑහෙන්නේ කොපමණ ප්‍රමාණයේ power supply එකක්ද?.
  • [00:59:10] : ටැබ් එකක තියෙන 4.1.1 Cyanogenmod අයින් කරල original jelly bean දාගන්න පුලුවන්ද?.
  • [01:02:37] : Techකතා App Review “ASTRO File Manager”

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 ZIP (26.9MB) or OGG (33.2MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.6MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Category: Techකතා, Techපුවත්, Video

Tagged:

7 Responses

  1. indika27 says:

    MSAN- Multiple service Access Node
    http://en.wikipedia.org/wiki/Multi-service_access_node

    මෙතනදි කරන්නෙ සම්පූර්ණ ටෙලිපෝන් එක්ස්චේන්ජ් එකක තියෙන සියලුම කොටස් ටික පොඩි පෙට්ටියකට දාල එන එක එතනදි..බැකප් පවර්…අර්ත් කරන්න ඕනි ඒවා..ආදි ටෙලිපෝන් එක්ස්චේන්ජ් එකකට තියෙන්න ඕනි හැම එකක්ම තියෙනවා…

    ටෙලිකොම් එකෙන් මේ වගේ ඉක්විමන්ට් වර්ග කිහිපයකින් ආනයනය කරලා දැන් වසරක සිට පිහිටුවමින් යනවා.. එකක් පොලවේ සවිකරනවා ඒක කැබිනට් එම් සාන් විදියට හදුන්වනවා…තව ජාතියක් එක කනුවක පොඩියට සවි කරනවා… ඒවා ගස් එම් සාන් විදියට නම් කරනවා..තව ජාතියක් ටෙලිපෝන් කනු දෙකක් මත ටාන්ස්පෝමර් විදියට හයි කරනවා..ඒවා ලොකු සයිස් ගස් එම් සාන් විදියට තමය ිවැඩකරන අය හදුන්වන්නෙ..

    මෙතනදි එක් එක් ඉක්විප්මන්ට් එක මගින් දෙන ලයින්ස් ප්‍රමාණය වෙනස් වෙනවා.. ඒඩී එස් එල් ලයින් තුන්සීය, දෙසීය..හාරසිය හයසීය ආදි ප්‍රමාණවලින් මේ එම් සාන් එනවා..
    ඇත්තටම ටෙලිපෝන්…ඒ ඩී එස් එල් වගේම..ෆයිබර් ලයින්..කම්පැනි වලට අවැසි ඩේටා ලයින් ආදි හැම සේවිස් එකක්ම මේ පෙට්ටිය හරහා දෙන් පුලුවනි..

    මේ හරහා ටෙලිකොම් එකට පුලුවන්වෙනවා ඈත ගම් වලට ටෙලිපෝන් සහ ඒ ඩී එස් එල් දෙන්න…මෙතනදි විදුලිබලය සහ ඔප්ටිකල් ෆයිබර් කෝර්ස් කීපයක් විතරයි බැක් එන්ඩ් එකෙන් දෙන්න ඕනි..

    මෙතනදි තියෙන ලොකු අවුලක් තමයි ලංකාවෙ කමර්ෂල් පවර් වල තියෙන කොලටි එක අඩුවීම සහ අකුණු සන්නායක පිහිටුවීමේදි තියෙන දුබලතා..ලංකාවෙ සමහර පලාත්වල අර්ත් රොඩ් ගහලා අර්ත් බස්සන්න බැහැ..ඒ කියන්නෙ නියමිත මට්ටමින් බූගත කිරීම් සිද්ද වෙන්නෙ නැහැ..
    ඒහෙම වුනාම අකුනක් වැදුනම ඩවුන් වෙන්න පුලුවන් හැකියාව වැඩියි..

    ලංකාවෙ මේවා සවිකරන්න ටෙන්ඩර් ගිය ආකාරය සහ ඒවා ඉසට් ටී ඊ ආයතනය ලැබුන ආකාරය සම්බන්ධ ලොකු ගැටලු තියෙනවා..ඒවා ගැන මම යම්තාක් ප්‍රමාණයට දන්නවා වුනත් මටඒවා හෙලිකරන්න හැකියාවක් නැහැ..

    පොඩි උදාහරණයක් දෙන්නම් ලංකාවෙ එකපාරක් ඒ එම් ඩී පොසෙසර ගෙන්නුවා අදාල ෆෑන් එක නැතුව..පීසී හවුස්ලා තමය ිආයතනය..අදාල විශාල ෆෑන් එකට වැඩිගානක් දෙන්න වෙන නිසා කුඩා ෆෑන් එකක් ගහලා ඒ එම් ඩී පොසෙසර ගෙනැල්ලා බෙදුවා.. ඉතින් විය යුතු විදියටම ගොඩක් පොසෙසර රත් වෙලා වැඩිවලෙ පිච්චුනා..අවසානෙ අපේ රටේ මතයක් ඇතිවුනා ඒ එම් ඩී හොද නැහැ පිච්චෙන සුලුයි කියලා..
    තව අය කිව්වා ලංකාවෙ දේසගුන්‍යට ඒ එම් ඩී හරියන්නෙ නැහැ කියලා..ඒ පොසෙසරයට අදාල ෆෑන් එකත් එක්කම ආවනම්ඒ එම් ඩී ජනප්‍රිය වෙනවා අනිවාර්යෙන්ම..

    ඒ වගේ මේ ගෙනාපු එම් සාන් ඇතුලෙ ලොකු ලොකු අවුල් තියෙනවා..ඒ අවුල් කියන්නෙ මේ තාක්ෂනයෙ වරදක් නෙමෙයි..මේ තාක්ෂනයව යොදලා හෙන අඩුවට ලෝ කොලටියෙන් බඩු හදපු චීන කොම්පැනි වලට තමයි නියම වරද යන්න ඕනි…

  2. විකියා says:

    ඔන්න දැන් මේ පැත්තේ ආවේ,,,කෝ අද ටයිම් ලයින් එක නෑ නේ…තවම

    බොහොම තුති සේරටම

    ජය වේවා!!!!!!!

  3. සුපුන් පෙරේරා says:

    ප්ලාස්මා රුපවාහිනිය ගැන මා ඇසු ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම පිළිබඳව ස්තුතියි.

    මම ප්ලාස්මා එකක් ගන්න හැදුවේ අත පය දිග ඇරලා movies බලන්න තමයි. නැතිව local channels වල බලන්න තරම් ඇති දෙයක් නැහැනේ. තව ටික කාලෙකින් BlueRay player එකක් ගන්න ඕන. ඒ ගැනත් අහන්නම්.

  4. Asheka says:

    කෝ ටයිම් ලයින් එක???

  5. Hirantha says:

    කාලිංග අය්යා කියුව android Media Player එක ගැන Review එකක් කරන්ඩ. එක ගෙදරට ආවාද ?.

  6. බුද්ධික මදුරංග says:

    එල එල දිගටම කරගෙන යන්න.

Leave a Reply

Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group

Switch to our mobile site