Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

කොහොමද Techකතා වලින් ඔබේ තාක්ෂණීක ගැටලු වලට විසඳුම් ගන්නේ?

කොහොමද ටෙක්කතා වලින් ඔබේ තාක්ෂණීක ගැටලු වලට විසඳුම් ගන්නේ?
ඔබේ තාක්ෂණික ගැටලු වලට ටෙක්කතා වලින් පිලිතුරු ලබාගතහැකි ක්‍රම දෙකක් තියෙනවා.
1. සතිපතා විකාශය වන ටෙක්කතා පොඩ්විකාශය මගින්
2. ටෙක්කතා ගූග්ල් සමූහය හරහා අපේ ටෙක්කතා අසන්නන්ගේ අදහස් මගින්.
මින් දෙවැන්න වඩා වේගවත් වුවත් ඔබේ ප්‍රශ්නයට පිලිතුර ලැබේදැයි නිසැකවම කියන්නට බැහැ. මොකද ගූග්ල් සමූහයේ ප්‍රශ්න වලට පිලිතුරු දෙන්නේ ඔබ වැනිම අනිත් අසන්නන් නිසා ඔවුන් ඒ ගැන දන්නවානම් විතරයි ඔබට පිලිතුරක් ලැබෙන්නේ. මෙය දැනුම බෙදාහදා ගැනීමේ පරමාර්ථයෙන් එක් කල අංගයක්. ඔබට ටෙක්කතා වැඩසටහනෙන්ම විසඳුම් ලබාගැනීමට කිසිදු බාධාවක් නෑ. අපි බලමු මේ ආකාර දෙකටම ප්‍රශ්ණ ඉදිරිපත් කරන්නේ කෙසේද කියලා.
සතිපතා විකාශය වන ටෙක්කතා පොඩ්විකාශය මගින් විසඳුම් ලබාගැනීම
මේ වැඩසටහන සඳහා ප්‍රශ්ණ ඉදිරිපත් කිරීමට ඔබට මේ ක්‍රම වලින් එකක් අනුගමනය කල හැකියි
1. info[at]techkatha[dot]com ඊමේල් ලිපිනය වෙත ඔබේ ගැටලුව ඉදිරිපත් කිරීම.
2. ටෙක්කතා අඩවියේ ඇති ෆෝම් එක (http://www.techkatha.com/contact/) පිරවීම මගින් කෙලින්ම ගැටලුව අපවෙත එවීම.
3. Skype මගින් අපවෙත ගැටලුව ඔබේ හඬින්ම පැවසීම. මේ සඳහා techkatha යන Skype username එක ඔබේ Skype මිතුරන් වෙතට එකතු කරගෙන ඒ වෙත ඇමතුමක් ගෙන ප්‍රශ්ණය ඉදිරිපත් කල හැකියි. මෙම ඇමතුමට කිසිවෙක් පිලිතුරු නොදෙන අතර ඔබේ පණිවුඩය ස්වයංක්‍රීයව පටිගත වීමක් පමණක් සිදුවන බව මතක් කර දෙන්න කැමතියි.
මේ හැර සතිපතා ටෙක්කතා සජීවීව ප්‍රචාරය වන අතරතුර සජීවි චැට් සංවාද මණ්ඩපයක් පැවැත්වෙනවා. ඔබට මෙම චැට් එකට එකතු වෙන්න පුලුවන් http://www.techkatha.com/chat/ වෙත යාමෙන්. මෙම චැට් සංවාදයේදීද ඔබට ප්‍රශ්ණ ඉදිරිපත් කල හැකි මුත් අපට ලැබී ඇති සීමාසහිත කාලවේලාව නිසා චැට් සංවාදයේදී නැගෙන සියලු ප්‍රශ්ණවලට එවේලාවේදී පිලිතුරු දීමට නොහැකි වනවා. යම්හෙයකින් එසේ පිලිතුරු නොලැබුනොත් ඒ පිලිබඳව අප කණගාටු වන අතර දිගින් දිගටම (අන් අයට කරදරයක් වන අයුරින්) එකම ප්‍රශ්ණය චැට් එක තුල නැගීමෙන් වලකින ලෙස ඉල්ලා සිටින්නත් කැමතියි. චැට් එකට සම්බන්ධ වීම ගැන වැඩි විස්තර පහල ඇති.
මෙහි කලින් සඳහන් කල ක්‍රම 3ට අප වෙත එවන ප්‍රශ්ණ වලට අදාල සතියේ ටෙක්කතා වැඩසටහනින් නොවැරදීම විසඳුම් ලබාගන්න පුලුවන්
ටෙක්කතා ගූග්ල් සමූහය හරහා විසඳුම් ලබාගැනීම
මේ සඳහා ඔබ ප්‍රථමයෙන් ටෙක්කතා ගූග්ල් සමූහයේ සාමාජිකත්වය ලබාගත යුතුයි. ඔබට ඇත්තේ gmail ඊමේල් ලිපිනයක් නම් අමතර කිසිවක් අවශ්‍ය නොවන අතර, yahoo, hotmail හෝ වෙනත් ලිපිනයක් නම් මුලින්ම එය Google Account එකක් බවට පත්කරගතයුතු වෙනවා.
මේ ආකාරයේ ගූග්ල් ලිපිනයෙන් ඔබට http://groups.google.com/group/techkatha සමූහය වෙත ගොස් එහි සාමාජිකත්වය ලබාගතහැකියි.
ඔබේ සාමාජිකත්වය අප විසින් අනුමත කල පසු සමූහය වෙත ප්‍රශ්න ඉදිරිපත් කිරීමට එම සමූහයේ වෙබ් අඩවියේම (http://groups.google.com/group/techkatha) පහසුකම් සලසා තිබෙන අතර නැතිනම් ඔබේ ප්‍රශ්ණ සමූහයේ ඊමේල් ලිපිනය (techkatha[at]googlegroups[
dot]com) වෙතට ඔබ ලියාපදිංචි වූ ලිපිනයෙන් ඊමේල් එකක් එවීමෙන් එය සමූහයට එක් කිරීමටත් පුලුවන්.
ගූග්ල් සමූහයේ සිටින්නේ ඔබ වැනිම තවත් අසන්නන් පිරිසක් නිසා සමූහයට ලිපි එවීමේදී අන් අයට කරදරයක් නොවන ආකාරයට ප්‍රශ්ණ ඉදිරිපත් කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
ටෙක්කතා චැට් රූම් එක භාවිතා කිරීම
මේ චැට් රූම් එකට එකතු වීමට ඔබට සෑම සිකුරුදාවකම සවස 7න් පසු http://www.techkatha.com/chat/ වෙත පිවිසී එහි “Choose a Nick Name” වෙත කැමති නමක් දී (password අවශ්‍ය නැත) “Connect” ක්ලික් කිරීමෙන් පිවිසිය හැකියි.
මේ චැට් රූමයේ රෙජිස්ටර් වීම අත්‍යාවශ්‍ය නෑ. කලින් සඳහන් කල ආකාරයට චැට් එකට සම්බන්ධවීම ප්‍රමාණවත්. රෙජිස්ටර් වීමේ එකම වාසිය ඔබේ යූසර්නේම් එක වෙන කිසිවෙකුට භාවිත කරන්නට බැරිවීම පමණයි. එසේ රෙජිස්ටර් කරන්නට අවශ්‍යනම් පමණක් චැට් රූමය වෙත ඔබට රෙජිස්ටර් කරගත යුතු නාමයෙන් පැමිණ, චැට් කරන තීරුවේ /msg nickserv register password email ලෙස විධාන කරන්න (මෙහි password හා email සඳහා අදාල දත්ත දෙන්න) යම්හෙකින් මෙයින් ඔබට රෙජිස්ටර් වීමට නොහැකිනම් එහි අර්ථය මේ username එක තවකෙකු දැනටමත් රෙජිස්ටර් කරගෙන ඇති බවයි. එබැවින් නම වෙනස් කර නැවත උත්සාහ කරන්න. නම වෙනස්කිරීමට /nick newnick ලෙස දෙන්න. (මෙහි newnick යනු ඔබේ අලුත් නික්නේම් එකයි)
කොහොමද ටෙක්කතා වැඩසටහනට සවන් දෙන්නේ
ටෙක්කතා වැඩසටහනට ඔබට තුන් ආකාරයකට සවන් දෙන්න පුලුවන්. පලමු ක්‍රමය සජීවීව ටෙක්කතා පටිගත කරන අවස්ථාවේදීම සවන් දෙන්නත් පුලුවන්. දෙවැනි ක්‍රමය අදාල සතියේ වැඩසටහන audio file එකක් විදියට ටෙක්කතා අඩවියට නිකුත් කල පසු එය ඩවුන්ලෝඩ් කරගෙන සවන් දෙන්නත් පුලුවන්. තුන්වැනි ක්‍රමය ඔබේ ජංගම දුරකථනය මගින් අන්තර්ජාලයට සම්බන්ධ වී ටෙක්කතා වලට සවන් දෙන්නත් පුලුවන්.
සජීවීව ටෙක්කතා වලට සවන්දීම
සාමාන්‍යයෙන් ටෙක්කතා පටිගත කරනු ලබන්නේ සෑම සිකුරාදාවකම රාත්‍රී 7.30ට පමණ. වැඩසටහන ආරම්භ වන වේලාව දැනගැනීමට ඔබට සවස 7න් පසු චැට් රූම් එකට සම්බන්ධ වී සිටීමෙන් හෝ ඔබ Twitter භාවිතා කරන්නෙක් නම් @techkatha ඔබේ twitter මිතුරන් වෙත එක්කර ගැනීමෙන් හෝ කල හැකියි. ඔබේ බ්‍රවුසරය සඳහා Windows Media ප්ලගිනය ස්ථාපනය වී ඇත්නම් චැට් රූම් පිටුවේ දකුණු පස කුඩා player එකක් දිස්වනු ඇති. එමගින් ඔබට සජීවී වැඩසටහන අසන්නට හැකියි.
ඔබේ බ්‍රවුසරයේ අදාල ප්ලගිනය පිහිටුවා නැත්නම් ඒ පිලිබඳව කරදර විය යුතු නැහැ. ඔබ පරිගණකයේ භාවිත කරන ප්‍රියතම player එක භාවිතයෙන් ද ටෙක්කතා වලට සවන් දිය හැකියි. ඒ සඳහා,
ඔබ Windows Media Player භාවිත කරන්නෙක් නම් මෙම file එකද,
Winamp, JetAudio, VLC, iTunes වැනි ප්ලේයරයක් භාවිත කරන්නෙක් නම් මෙම file එකද,
ඩවුන්ලෝඩ් කරගෙන එය අදාල ප්ලේයරයෙන් ඕපන් කර ගන්න. එමගින් ද ටෙක්කතා වලට සවන්දිය හැකියි.
සජීවීව ටෙක්කතා වලට සවන් දීමේ ප්‍රධාන වාසිය තමයි ඒ වෙලාවේ චැට් රූම් එකටත් සම්බන්ධ විය හැකි වීම. කලින් සඳහන් කල ආකාරයට එමගින් අනිත් අසන්නන්ගේ අදහස් ද දැනගත හැකියි.
වැදගත්: මෙම ටෙක්කතා චැනලය ක්‍රියාත්මක වන්නේ සිකුරාදා සවස 6.30 පමණ සිට එදින වැඩසටහන අවසන් වන තුරු පමණයි. එබැවින් ඉහත ක්‍රම වලට වෙනත් අවස්ථාවල ප්ලේ කිරීමෙන් ඔබට කිසිවක් නොඇසෙනු ඇති. සිකුරාදා සවස 6.30 සිට මෙම චැනලය හරහා ගීත ප්‍රචාරය වන අතර ඒවාට සවන් දීමෙන් ඔබට වැඩසටහන ඇරඹීමට පෙර ඔබේ ප්ලේයරයේ අවශ්‍ය සැකසුම් කර ගැනීමට, ශ්‍රවණ තත්වය සැකසීමට පුලුවන්.
පොඩ්කාස්ට් එක ඩවුන්ලෝඩ් කරගෙන සවන්දීම
ටෙක්කතා වෙබ් අඩවියට පිවිසි පසු ඔබට දැනට නිකුත් කර ඇති ටෙක්කතා වැඩසටහන් දැකගත හැකියි. අදාල ලිපිය අවසානයේ එය ඩවුන්ලෝඩ් කිරීමට ලින්ක් සපයා තියෙනවා. මෙම audio file එක mp3 හෝ ogg වර්ගවලින් ලබාගත හැකි අතර අඩු වේගයක් සහිත සම්බන්ධතා පාවිච්චි කරන අසන්නන් වෙනුවෙන් ඉතා අඩු file size එකකින් යුත් real audio ෆයිල් එකක් ද ලබා දෙනවා. තමන්ට අවශ්‍ය ෆයිල් එක ඩවුන්ලෝඩ් කර ඊට ඔබට ඉඩකඩ ඇති අවස්ථාවක සවන් දෙන්න පුලුවන්.
ජංගම දුරකථනය මගින් ටෙක්කතා වලට සවන් දීම
ඔබේ ජංගම දුරකථනයෙන් අන්තර්ජාලයට සම්බන්ධ වී ටෙක්කතා මොබයිල් අඩවියට (m.techkatha.com) පිවිසීමෙන් ඔබට streaming ආකාරයට අදාල සතියේ ටෙක්කතා වැඩසටහනට සවන් දෙන්න පුලුවන්. මෙහිදී ඔබට වැයවන මුලු දත්ත ප්‍රමාණය මෙගාබයිට් 3ටත් වඩා අඩුයි. මෙසේ සවන්දීමට නම් ඔබේ දුරකථනයේ පෙරනිමියෙන් එන බ්‍රවුසරයෙන් අඩවිය වෙත පිවිසිය යුතුයි. Opera Mini වැනි බ්‍රවුසර වලින් පිවිසිය නොහැකියි.

ඔබේ තාක්ෂණික ගැටලු වලට Techකතා වලින් පිලිතුරු ලබාගතහැකි ක්‍රම දෙකක් තියෙනවා.

  1. සතිපතා විකාශය වන Techකතා පොඩ්විකාශය මගින්
  2. Techකතා ගූග්ල් හෝ Techකතා Facebook සමූහය හරහා අපේ Techකතා අසන්නන්ගේ අදහස් මගින්.

මින් දෙවැන්න වඩා වේගවත් වුවත් ඔබේ ප්‍රශ්නයට පිලිතුර ලැබේදැයි නිසැකවම කියන්නට බැහැ. මොකද ගූග්ල්/Facebook සමූහයේ ප්‍රශ්න වලට පිලිතුරු දෙන්නේ ඔබ වැනිම අනිත් අසන්නන් නිසා ඔවුන් ඒ ගැන දන්නවානම් විතරයි ඔබට පිලිතුරක් ලැබෙන්නේ. මෙය දැනුම බෙදාහදා ගැනීමේ පරමාර්ථයෙන් එක් කල අංගයක්. ඔබට Techකතා වැඩසටහනෙන්ම විසඳුම් ලබාගැනීමට කිසිදු බාධාවක් නෑ. අපි බලමු මේ ආකාර දෙකටම ප්‍රශ්ණ ඉදිරිපත් කරන්නේ කෙසේද කියලා.

සතිපතා විකාශය වන Techකතා පොඩ්විකාශය මගින් විසඳුම් ලබාගැනීම

මේ වැඩසටහන සඳහා ප්‍රශ්ණ ඉදිරිපත් කිරීමට ඔබට මේ ක්‍රම වලින් එකක් අනුගමනය කල හැකියි

  1. info[at]techkatha[dot]com ඊමේල් ලිපිනය වෙත ඔබේ ගැටලුව ඉදිරිපත් කිරීම.
  2. Techකතා අඩවියේ ඇති ෆෝම් එක (http://www.techkatha.com/contact/) පිරවීම මගින් කෙලින්ම ගැටලුව අපවෙත එවීම.
  3. SMS මාර්ගයෙන්, පැනයක් ඇසීමට
    • ask ඉඩක් ඔබගේ පැනය සටහන් කොට 0714712774 එවන්න.
      • උදා: ask how can i use techkatha sms ?
      • එක පිටුවට වැඩි (LongSMS – අකුරු 160ට වැඩි) උවද එවිය හැක
      • සිංහලෙන් උවද SMS කල හැක. (Sinhala Unicode සහිත දුරකනතයක් නම්)

මේ හැර සතිපතා Techකතා සජීවීව ප්‍රචාරය වන අතරතුර සජීවි චැට් සංවාද මණ්ඩපයක් පැවැත්වෙනවා. ඔබට මෙම චැට් එකට එකතු වෙන්න පුලුවන් http://www.techkatha.com/chat/ වෙත යාමෙන්. මෙම චැට් සංවාදයේදීද ඔබට ප්‍රශ්ණ ඉදිරිපත් කල හැකි මුත් අපට ලැබී ඇති සීමාසහිත කාලවේලාව නිසා චැට් සංවාදයේදී නැගෙන සියලු ප්‍රශ්ණවලට එවේලාවේදී පිලිතුරු දීමට නොහැකි වනවා. යම්හෙයකින් එසේ පිලිතුරු නොලැබුනොත් ඒ පිලිබඳව අප කණගාටු වන අතර දිගින් දිගටම (අන් අයට කරදරයක් වන අයුරින්) එකම ප්‍රශ්ණය චැට් එක තුල නැගීමෙන් වලකින ලෙස ඉල්ලා සිටින්නත් කැමතියි. චැට් එකට සම්බන්ධ වීම ගැන වැඩි විස්තර පහල ඇති.

මෙහි කලින් සඳහන් කල ක්‍රම 3ට අප වෙත එවන ප්‍රශ්ණ වලට අදාල සතියේ Techකතා වැඩසටහනින් නොවැරදීම විසඳුම් ලබාගන්න පුලුවන්

Techකතා ගූග්ල් සමූහය හරහා විසඳුම් ලබාගැනීම

මේ සඳහා ඔබ ප්‍රථමයෙන් Techකතා ගූග්ල් සමූහයේ සාමාජිකත්වය ලබාගත යුතුයි. ඔබට ඇත්තේ gmail ඊමේල් ලිපිනයක් නම් අමතර කිසිවක් අවශ්‍ය නොවන අතර, yahoo, hotmail හෝ වෙනත් ලිපිනයක් නම් මුලින්ම එය Google Account එකක් බවට පත්කරගතයුතු වෙනවා.

මේ ආකාරයේ ගූග්ල් ලිපිනයෙන් ඔබට http://groups.google.com/group/techkatha සමූහය වෙත ගොස් එහි සාමාජිකත්වය ලබාගතහැකියි.

ඔබේ සාමාජිකත්වය අප විසින් අනුමත කල පසු සමූහය වෙත ප්‍රශ්න ඉදිරිපත් කිරීමට එම සමූහයේ වෙබ් අඩවියේම (http://groups.google.com/group/techkatha) පහසුකම් සලසා තිබෙන අතර නැතිනම් ඔබේ ප්‍රශ්ණ සමූහයේ ඊමේල් ලිපිනය (techkatha[at]googlegroups[dot]com) වෙතට ඔබ ලියාපදිංචි වූ ලිපිනයෙන් ඊමේල් එකක් එවීමෙන් එය සමූහයට එක් කිරීමටත් පුලුවන්.

ගූග්ල් සමූහයේ සිටින්නේ ඔබ වැනිම තවත් අසන්නන් පිරිසක් නිසා සමූහයට ලිපි එවීමේදී අන් අයට කරදරයක් නොවන ආකාරයට ප්‍රශ්ණ ඉදිරිපත් කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

Techකතා චැට් රූම් එක භාවිතා කිරීම

මේ චැට් රූම් එකට එකතු වීමට ඔබට සෑම සිකුරාදා රෑ8.30න් පසු http://www.techkatha.com/chat/ වෙත පිවිසී එහි “Choose a Nick Name” වෙත කැමති නමක් දී (password අවශ්‍ය නැත) “Connect” ක්ලික් කිරීමෙන් පිවිසිය හැකියි.

මේ චැට් රූමයේ රෙජිස්ටර් වීම අත්‍යාවශ්‍ය නෑ. කලින් සඳහන් කල ආකාරයට චැට් එකට සම්බන්ධවීම ප්‍රමාණවත්. රෙජිස්ටර් වීමේ එකම වාසිය ඔබේ යූසර්නේම් එක වෙන කිසිවෙකුට භාවිත කරන්නට බැරිවීම පමණයි. එසේ රෙජිස්ටර් කරන්නට අවශ්‍යනම් පමණක් චැට් රූමය වෙත ඔබට රෙජිස්ටර් කරගත යුතු නාමයෙන් පැමිණ, චැට් කරන තීරුවේ /msg nickserv register password email ලෙස විධාන කරන්න (මෙහි password හා email සඳහා අදාල දත්ත දෙන්න) යම්හෙකින් මෙයින් ඔබට රෙජිස්ටර් වීමට නොහැකිනම් එහි අර්ථය මේ username එක තවකෙකු දැනටමත් රෙජිස්ටර් කරගෙන ඇති බවයි. එබැවින් නම වෙනස් කර නැවත උත්සාහ කරන්න. නම වෙනස්කිරීමට /nick newnick ලෙස දෙන්න. (මෙහි newnick යනු ඔබේ අලුත් නික්නේම් එකයි)

කොහොමද Techකතා වැඩසටහනට සවන් දෙන්නේ

Techකතා වැඩසටහනට ඔබට තුන් ආකාරයකට සවන් දෙන්න පුලුවන්. පලමු ක්‍රමය සජීවීව Techකතා පටිගත කරන අවස්ථාවේදීම සවන් දෙන්නත් පුලුවන්. දෙවැනි ක්‍රමය අදාල සතියේ වැඩසටහන audio file එකක් විදියට Techකතා අඩවියට නිකුත් කල පසු එය ඩවුන්ලෝඩ් කරගෙන සවන් දෙන්නත් පුලුවන්. තුන්වැනි ක්‍රමය ඔබේ ජංගම දුරකථනය මගින් අන්තර්ජාලයට සම්බන්ධ වී Techකතා වලට සවන් දෙන්නත් පුලුවන්.

ජංගම දුරකතන සහය

සජීවීව Techකතා වලට සවන්දීම

සාමාන්‍යයෙන් Techකතා පටිගත කරනු ලබන්නේ සෑම සිකුරාදාවකම රාත්‍රී 9.00ට පමණ. වැඩසටහන ආරම්භ වන වේලාව දැනගැනීමට ඔබට සවස 8න් පසු චැට් රූම් එකට සම්බන්ධ වී සිටීමෙන් හෝ ඔබ Twitter භාවිතා කරන්නෙක් නම් @techkatha ඔබේ twitter මිතුරන් වෙත එක්කර ගැනීමෙන් හෝ කල හැකියි නැතිනම් SMS හරහා දැනගැනීමට ඔබගේ ජංගම දුරකතන අංකය අපි එක්ක register කරගැනීමට add ලෙස type කොට 0714712774 එවන්න. එවිට ඔබට SMS මගින් අපි දැනුම් දීම කරනු ලැබෙයි. (ඔබේ දුරකතන අංකය ඉවත්කර ගැනීමට, del ලෙස type කොට 0714712774 එවන්න.)

ඔබේ බ්‍රවුසරය සඳහා Windows Media හෝ Flash player ප්ලගිනය ස්ථාපනය වී ඇත්නම් චැට් රූම් පිටුවේ දකුණු පස කුඩා player එකක් දිස්වනු ඇති. එමගින් ඔබට සජීවී වැඩසටහන අසන්නට හැකියි.

ඔබේ බ්‍රවුසරයේ අදාල ප්ලගිනය පිහිටුවා නැත්නම් ඒ පිලිබඳව කරදර විය යුතු නැහැ. ඔබ පරිගණකයේ භාවිත කරන ප්‍රියතම player එක භාවිතයෙන් ද Techකතා වලට සවන් දිය හැකියි. ඒ සඳහා,

ඩවුන්ලෝඩ් කරගෙන එය අදාල ප්ලේයරයෙන් ඕපන් කර ගන්න. එමගින් ද Techකතා වලට සවන්දිය හැකියි.

සජීවීව Techකතා වලට සවන් දීමේ ප්‍රධාන වාසිය තමයි ඒ වෙලාවේ චැට් රූම් එකටත් සම්බන්ධ විය හැකි වීම. කලින් සඳහන් කල ආකාරයට එමගින් අනිත් අසන්නන්ගේ අදහස් ද දැනගත හැකියි.

වැදගත්: මෙම Techකතා සජීවී චැනලය ක්‍රියාත්මක වන්නේ සිකුරාදා රෑ9 පමණ සිට එදින වැඩසටහන අවසන් වන තුරු පමණයි. එබැවින් ඉහත ක්‍රම වලට වෙනත් අවස්ථාවල ප්ලේ කිරීමෙන් ඔබට කිසිවක් නොඇසෙනු ඇති. සිකුරාදා රෑ8.30යේ සිට මෙම චැනලය හරහා ගීත ප්‍රචාරය වන අතර ඒවාට සවන් දීමෙන් ඔබට වැඩසටහන ඇරඹීමට පෙර ඔබේ ප්ලේයරයේ අවශ්‍ය සැකසුම් කර ගැනීමට, ශ්‍රවණ තත්වය සැකසීමට පුලුවන්.

පොඩ්කාස්ට් එක ඩවුන්ලෝඩ් කරගෙන සවන්දීම

Techකතා වෙබ් අඩවියට පිවිසි පසු ඔබට දැනට නිකුත් කර ඇති Techකතා වැඩසටහන් දැකගත හැකියි. අදාල ලිපිය අවසානයේ එය ඩවුන්ලෝඩ් කිරීමට ලින්ක් සපයා තියෙනවා. මෙම audio file එක mp3 හෝ ogg වර්ගවලින් ලබාගත හැකි අතර අඩු වේගයක් සහිත සම්බන්ධතා පාවිච්චි කරන අසන්නන් වෙනුවෙන් ඉතා අඩු file size එකකින් යුත් real audio ෆයිල් එකක් ද ලබා දෙනවා. තමන්ට අවශ්‍ය ෆයිල් එක ඩවුන්ලෝඩ් කර ඊට ඔබට ඉඩකඩ ඇති අවස්ථාවක සවන් දෙන්න පුලුවන්.

ජංගම දුරකථනය මගින් Techකතා වලට සවන් දීම, සජීවී හා පසුව.

ඔබේ ජංගම දුරකථනයෙන් අන්තර්ජාලයට සම්බන්ධ වී Techකතා මොබයිල් අඩවියට (m.techkatha.com) පිවිසීමෙන් ඔබට streaming ආකාරයට අදාල සතියේ Techකතා වැඩසටහනට සවන් දෙන්න පුලුවන්.

Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group