Jan 31, 2009
Techකතා පලමු වැඩසටහන, පැන විසදුම් සහ Game කාමරය…
ආයුබෝවන්…! අපිට හරිම සතුටුයි ඔබෙන් ලැබුන ප්‍රතිචාර ගැන. අපි නොසිතූ තරම් පිරිසක් අපිට සුබ පැතුවා, උදව් කරන්න ඇහුවා, අපිව දිරිමත් කළා. අත්තටම දින කීපයකදී මෙවැනි ඉහල ප්‍රතිචාර ලැබීම ගැන අපි නිහතමානීව සතුටු වෙනවා. ඒ වගේම ගොඩක් ගැටලු යොමු කරල තිබුනා අපේ Techකතා ෆෝරමය යොදාගෙන. ඒ ගැනත් හරිම සතුටුයි.
Skype යොදාගෙන වැඩිය ගැටලු ඉදිරිපත් කර තිබුනේ නෑහැ. ඇත්තටම “TechKatha” කියන Skype ID එක යොදගෙන ඔබේ ගැටලු ඔබේ හඩින්ම අපිට ඉදිරිපත් කරන්න පුලුවන්, හරිම ලේසියි. TechKatha වෙත Skype මගින් ඇමතුමක් ලබාදී ඔබේ පැනය අසන්න, එය ස්වයංක්‍රීයව පටිගත වනු ඇති.
අපි අද වැඩසටහනින් ඔබට අලුත් අංගයක් හදුන්වා දෙනවා. ඒ තමයි “Game කාමරය”. ලෝකයේ ජනප්‍රිය පරිගනක ක්‍රීඩා, ශ්‍රී ලංකාවේ පරිගනක ක්‍රීඩා ව්‍යාප්තිය සහ ඒ ආශ්‍රිත පුවත්, පරිගනක ක්‍රීඩා තුල ඇති තාක්ෂනය සහ උපකරන වැනි බොහෝ දෑ අපි මේ තුලින් සාකච්චා කරනවා. ඔබගේ ප්‍රතිචාර මත ඉදිරි වැඩසටහන් තුලින්ද මෙය ඔබ වෙත ගෙන ඒමට නියමිතයි.
මෙවර වැඩසටහන පටිගත කිරීමේදී පැයකට කිට්ටු කාලයක් නොදැනීම ගියා, ඒ නිසා අපි කොටස් දෙකක් ලෙස තමයි ඔබට ඉදිරිපත් කරන්නේ. එම කොටස් දෙක වෙන වෙනම සවන් දීමට හෝ බාගත කිරීමට පහසුකම් සපයා තිබෙනවා.
දැන් බලමු මොනවද අපි මේ වැඩසටහනින් ඔබට ගෙන එන්නේ කියලා,
පලමු කොටසේදී අපි ඔබ ඉදිරිපත් කල ගැටලු සදහා පිලිතුරු ලබා දුන්නා. මෙන්න මේ දේවල් තමයි අපි කතා කෙරුවෙ
- Web development
- Database synchronization
- Torrent ගැන හැදින්වීමක් හා එය වැඩ කරන ආකාරය
- USB ධාවක මගින් පැතිරෙන පරිගනක වෛරස
- ජනප්‍රිය Antivirus මෘදුකාංග
- ශ්‍රී ලංකාවේ භාවිතා කිරීමට පිට රටකින් Mobile Phone එකක් මිලදී ගැනීමේදී සැලකිය යුතු දෑ
- පරිගනක ජාල සහ Remote Desktop සම්බන්ධ ගැටලු
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.
දෙවන කොටසේදී අපි කතාකෙරුවා,
- ලෝකයේ ජනප්‍රිය පරිගනක ක්‍රීඩා, ලංකාවේ පරිගනක ක්‍රීඩා සංස්කෘතිය, Multiplayer online gaming හා console gaming
- වැඩසටහන ගැන අපිට දැනෙන දේ සහ අපි ඔබෙන් බලාපොරොත්තුවන දෑ
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.
වැඩසටහනේ ශ්‍රවණ තත්වය ගැන නම් අපිටත් සතුටු වෙන්න බැහැ. අවම පහසුකම් යටතේ පටිගත කරන මෙය වඩාත් ගුනාත්මක තත්වයක් යටතේ ඔබ වෙත ගෙන ඒමට අපි මේ දිනවල සැලසුම් සකස් කරනවා. එතෙක් කරුනාකර මේ අඩුපාඩු නොසලකා හරින්න.
ඔබගේ ප්‍රතිචාර සදහා අපි හැමදාමත් විවෘතයි. අපේ අඩුපාඩු, වැරදි, වැඩසටහන මගින් ඔබ බලාපොරොත්තු වෙන දෑ, ඔබගේ යෝජනා වගේම වැඩසටහනේ සාර්තකත්වය ගැනත් අපිට කියන්න. තවත් වැඩසටහනක් සමග නොබෝ දිනකින් හමුවෙමු.
මෙන්න අපි කතා කරපු කරුනු වලට අදාල අනෙක් විස්තර සහ වෙබ් අඩවි
- attrib විධානය භාවිතා කිරීම
Flash Drive එකේ drive letter එක X: කියා සිතමු, “attrib -s -r -h x:\*.*”
http://www.computerhope.com/attribhl.htm - ජනප්‍රිය Data Base Management System කිහිපයක synchronization සම්බන්ද තොරතුරු
http://dev.mysql.com/doc/refman/5.1/en/replication.html
http://msdn.microsoft.com/en-us/library/aa833263(VS.80).aspx
http://www.oracle.com/technology/products/lite/backgroundsync.pdf - එක් එක් රටවල් තුල භාවිතා වන Mobile networks පිලිබද තොරතුරු
http://en.wikipedia.org/wiki/List_of_mobile_network_operators_of_the_Asia_Pacific_region
මෙන්න වැඩසටහන හැදුන හැටි…
හර්ෂ හා තිලිණ වැඩසටහන පටිගත කරමින්…
පටිගත කිරීමට යොදගත් ලැප්ටොප් එක
තිලිණ, මැක් එකේ iPhone SDK එක සමග සෙල්ලම් කරමින්…
බුද්ධිකගෙන් iPhone application development ගැන තිලිණට උපදෙස්…






එළ එළ! මම මේ දැන් අහන ගමන්… කන කුරු කුරු ගානවා වගේ හැබැයි. සැප කනේ!
වැඩේ එළ! තව මේ වගේ වැඩසටහන් සිය දහස් ගණනින් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!
මේක නම් අගනා වැඩක්. මටත් ඔය ගැටලු පැණනගිද්දි අහන්නම්කො.
ස්තූතියි.. දැන් download කරන ගමන්
එළ! ඔක්කොම ඇහුවා. කෝ? Age of Empires ගැන සඳහනක් නෑ නෙව
සමාවෙන්න කරු කුරු ගාන එකට, තාම හරියට පටිගත කරන උපකරන නෑ, ඒව ඊලග එක පටිගත කරනකොට හරියට හදාගන්න ඕනේ…
අඩුපාඩු, ඔයගොල්ලො කැමති දේවල් අපිට කියන්න… අපි කැමතියි ඔයගොල්ලන්ගේ අදහස් දැනගන්න….
Hi ,
Your podcasts rock Go ahead with this .. It’s great ! !
එළ එළ ඔෙහාම යන්!
කතා කළ මාතෘකා බෙදා දැක්වා තියනඑක හොඳයි. ඒ වගේම පොඩ්කාස්ට් එකත් කොටස් කඩලා තියනවනං හොඳයි. මොකද අන්තිමට කතා කරපු කාරණාවක් අහන්න නම් ටිකක් වෙලා බලන් ඉන්න වෙනව. (අඩු තරමෙ ලෝඩ් වෙනකල් වත් ඉන්න ඕනෙ)
වැඩේ නම් එල.
හොද වැඩක්!!
අහන්න ආස හිතෙනවා අපි කතා කරන බාශාවෙන් කොම්පුටර් ගැන කියන කොට.
අහගෙන ඉන්න කම්මැලි නෑ .
දිගටම කරගෙන යන්න මගෙන් සුභ පැතුම්!!
“කතා කළ මාතෘකා බෙදා දැක්වා තියනඑක හොඳයි.”
මාත් ඒකට නම් එකගයි
වැඩේ නම් එළම එළ. මමත් දැන් බාන ගමන් ඉන්නේ…
තව තවත් හොදින් කරන්න ශක්තිය ලැබේවා..
නියම වැඩක්, මුල් එකම නියමයි. (අර ඩයල් අප් ගැන කියාපු කථාවනම් වැරදී හොඳේ )
සීක් බාර් එකත් හරිනම්. පංකාදුයි. (ඕනෙ තැනට ජම්ප් කොරන්ට බැහැනෙව
ඒක විතරයි, පොඩිම අවුලකට තියෙන්නෙ
oh,so happy to taking my one at first.totally satisfied with the answer.now i have a small picture of the current web disigning industry.but i will not going to stop asking when i want more informations.
in my point of view the idea is nice but if you gong to use a screen(computer or white board)when you explaining things, definitely will help us to take a very clear answer.
thanks and weldone.
@Nishan,
ස්තුතීයි!
අපි ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් ඉන්නේ.
එදිනෙදා රැකියා කටයුතු වලට අමතරව කරන මෙම කාර්‍යය සමඟින් විඩියෝ සංකරණය වැනි කොටස් එක් කිරීම ඉතා පහසුම නැ.
කෙසෙවෙතත් ඔබේ අදහස් අපට වටිනවා.
අපි එම අදහස් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.
@Shanu,
“ඒ වගේම පොඩ්කාස්ට් එකත් කොටස් කඩලා තියනවනං හොඳයි.”
ඔව්, මේක Dial-up සේවාවක් භාවිත කරන අයට ප්‍රයෝජනවත් වෙයි. අවශ්‍ය කොටස විතරක් අහන්න ලෙසියිනේ.
මම නම් හිතන්නෙ වීඩියෝ ක්ලිප්ස් අවශ්‍යය නැහැ කියලයි, ඒව අපිට (ඩයල් අප්) ටිකක් (නෙමෙයි ගොඩක්) කරදරයක් (අපිට වගේම ලිමිටඩ් බ්‍රෑන්ඩ්විත් තියන අයත් ඒකට සතුටු වෙන එකක් නැහැ.
ඒත් කියන්න අපහසු වෙලාවලදි පොඩි නෝට් එකක් හැටියට ඒ කෝඩින්ස්, තොරතුරු දක්වනවනම් හොඳයි (යූටියුබ් වල ඩිස්ක්‍රිප්ශන් එක වගේ දෙයක්)
බොහොම ස්තූතියි පොඩි ෆයිල් සයිස් එකකින් දුන්නට, (ඩයල් අප්) අපිට උනත් කිසි ගැටලුවක් නැතිව , ප්‍රමාදයක් නැතිව ඇහුන …
ඒයි….. අර skpe ඒකෙ ඉන්න කෙලි කලින්ම බුදි නෙවැ ඔවි ඉතින් අපෙ පුරස්න අහලම හිසෙ අැම්ම අැති .
game ගැන කියලා කලේ කන්න ඒපා අපරාදෙ
@rahoocent
ඔන්න මම කීද්දුවා… කව්ද එක්කෙනෙක්, නොනවත්වා කතා කරලා
කලින්ග(මාග) අයියෙ කවුද කෙනා හිතන්න අැති මෙකෙත් විනාඩි 1000 ගන්න call නිකන් කියලා
මේ mp3 ටික සේරම් දින පිළිවෙලට Download කරගන වෙනම පිටුවකට දන්න බැරිද?
@ම
ඔව්, වෙනම පිටුවකට අපි මේක ගෙනියන්න ඉන්නේ.
මොකද කාලෙකට පස්සේ බලන අයට එකවර මේ සියලු වැඩසටහන් අතරින් අවශ්‍ය එක තෝරගන්න පුලුවන්.
virus attack ඒකකදී flash ඒෙක් files hide වු විට ExplorerXP කියන software eken එවා බලා ගන්න කොපි කර ගන්න පුලුවන්. එක free එකක්.
_http://www.explorerxp.com/
වැඩේ නැගල යනව එළ..
ATTRIB ගැන ලියල නෑනෙ.
ATTRIB ගැන දැනගන්න නම්
http://www.computerhope.com/attribhl.htm
හෝ
http://www.easydos.com/attrib.html කියවන්න.
@Harshana
හික්… ලමයා හරියට කියවල නැති හැඩයි….
Hik, Hik, කොහෙද පේන්න දාන්න එපැයි, අවෂය කරුණු ටික විතරක් පොඩියට දාල.
“synchronize” යන ඉංග්‍රීසි වචනයේ සිංහලාර්ථය “සමමුහුර්ත කරනවා” නොවේද?
“සමකාලික කිරීම” ලෙස මා භාවිත කෙනවා
“සමකාලික කිරීම” ලෙස මා භාවිත කරනවා
@ගොඩයා
@danishka
බොහොම ස්තුතියි වචනය හොයල දුන්නට. මේ වගේ වචන තිබුනනම් අදහස පැහැදිලි කරන්න ගොඩක් ලේසියි
ඔය ගොඩාක් ඉංග්‍රීසි තාක්ෂණික පද හදාගෙන තියෙන්නේ ලතින් නැතිනම් පැරණි ග්‍රීක භාෂාවලට ගිහින්. අපිට යන්න වෙන්නේ සංස්කෘත භාෂාවට. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ නිලධරයෝ 1950ස් ගණන්වල අලුත් වචන හදා ගත්තේ එහෙමයි. ඉතින් සිංහල, ඉංග්‍රීසි හා සංස්කෘත භාෂා තුනම දන්නා, ඒ වගේම “වෙබ් ආලෝචනා” බ්ලොගය කරන ආනන්දවර්ධනට බැරි වෙයිද මේ වගේ වචන හොයලා දෙන්න? හැබැයි බලාගෙන… එයා නණ,ලළ භේදය ගණන් ගන්නේ නැහැ
ගින්දර වැඩක්… දිගටම කරගෙන යන්න උණුසුම් සුභ පැතුම්..
ම්ම්ම්!!! මම මේ E2 Part1 බාගත්තා විතරයි.
අහල ඉවර වෙලාම reply කරනවා!
Got to know about the podcast from Danishka’s Gtalk status yday
Good job guys! Keep it up!
Seejay තමයි මටත් ආරන්චිය කිව්වෙ. සිංහල podcast අලුතින් බිහි වීම සතුටුයි. සුභ පැතුම්.
@Chanux & SeeJay
බොහොම ස්තුතියි, අපිට සතුටුයි ඔයගොල්ලෝ වගේ සිංහල පොඩ්කාස්ට් අපිට කලින් ම කරපු අයගේ සුබපැතුම් ලැබෙන එකට. ඒක අපිට ලොකු දිරියක්….
ඉතාමත් හොද වැඩක්. දිගටම කරගෙන යන්න
ඉතාම හොද වැඩක්. මමත් ඇහුවා. ඉදිරියෙදි ගැටලුවක් ආවහම සම්බන්ද වෙන්නම්. ඒත් හැමදාම අහනවා.
සුබ පැතුම්.
great work
ela ela , meakanam maru
තාක්ෂනික බෝසත්වරුන් ට අපගේ ප්‍රණාමය….!
මෙක අපෙ රටෙ ලොකු තැන්වල ඉන්න අය අතගහලා කරන්න ඔනා වැඩක්…..
වැඩෙ එලකිරි …….හද පතුලින්ම අපෙ සපොට් එක
tech katha is the best….. well done