Nov 2, 2009
Techකතා Live: 40වන වැඩසටහන, Google Wave Invitations සහ පැන-විසඳුම්
Techකතා 40වන වැඩසටහන ඔක්තෝබර් 29වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා, පොඩි පොඩි බාධක මැද්දේ තමයි 40 වැඩසටහන කරන්න සිද්ද උනේ, මොකද අපේ Live Chat Room එක වැඩ කලේ නෑ, ඒ සදහා විකල්ප චැට් එකක් යොදාගන්න සිදුවුනා.
ඉතින් මේ වැඩසටහනට කාලිංග, බුද්ධික, තිලිණ හා සදීප skype හරහා සහභාගී උනා. ඒ වගේම අපේ Google Wave Invitation දෙන පැනයත් අපි ඇසුවා. ඒ තමයි “ටෙක්කතා සජීවීව විකාශනය කල දිනය කුමක්ද කියා” අපි අපගේ පළමු සජීවී විකාශනය සිදුකරේ 2009, අප්‍රේල් මස 17වැනිදා. මේ පැනයට සාර්ථකව පිලිතුරු දී අපගෙන් Google Wave Invitation දිනාගත්තේ.
- Thusitha Jayasinghe
- Gayan Buddhika
- Ganindu Rupasena
- Kanishka Hennayake
- Prashan Fernando
- Sahan Lakshitha
ඔබටත් Techකතා වෙතින් Google Wave Invitation ලබාගැනීමට පමා නැහැ, තව 9යක් දිනාගන්න හැකියාව තියනවා. කලයුත්තේ “Techකතා වෙතින් පැන ඇසිය හැකි ක්‍රම 4 මොනවාද?” (Google සමූහය හැර) කියා wave{at}techkatha{dot}com වෙත ඔබගේ පිලිතුර නොවැම්බර් මස 8වෙනිදාට පෙර එවීම පමණයි. (තමන්ගේ නම හරියට එවන්න මතක ඇතුව)
අද වැඩසටහනින්….
- සිංහල Unicode දැන් Adobe සහය. (වැඩි විස්තර)
- Sony Ericsson K770i සිංහල දැමීම (XS++)
- Proxy bypass කිරීම. (Tor)
- Proxy භාවිතයේදී සැලකිලිමත් විය යුතු දෑ.
- HP Compaq එකකට Windows XP දැමීමේ ගැටලුව. (උපකාරක පුරුක)
- Windows Mobile HTC එකක් මිලදී ගැනීම.
- NFS MW Hamachi සමග Play කිරීම. (උපකාරක පුරුක)
- SP300 Windows Mobile එකකට Charger එකක් මිලදී ගැනීම.
- Internet Temp හා Temp මැකීමේ වැදගත් කම.
- BIT හා රැකියා අවස්ථා, වෙනත් ඉගෙනීම්.
- Microsoft Silverlight යනු කුමක්ද? (GNU Flash)
- Flash, Mobile වල.
- විජේසේකර යතුරු පුවරුවේ බැදි අකුරු type කිරීම.
- Asus DVD/CD ROM එකක CD පමණක් වැඩ කිරීම.
- Folder වල පාට වෙනස් කිරීම.
- Potabal application වල ඇති වාසි හා අවාසි.
- අලුත් Intel Motherboard ලිනක්ස් සහය.
- Flash Photo ඇල්බම් එකක photo download කිරීම.
- SLT WiMAX ලගදිම ?
- HSDPA vs WiMAX ?
- Dialog වල fiber දැම්මේ ඇයි ?
- Java servlet vs PHP
- 500w Power Supply හා 600VA UPS
- Online Virus Scanners Firefox වල වැඩ නොකිරීම.
- බොහෝ සමාගම් වල Internet Explorer බවිතා කරන්නේ ඇයි?
- Internet Radio record කිරීම.
- Laptop එකක CPU Fan වේගය Linux/Windows අතර වෙනස් වීම.
- ADSL Splitter ගැන.
- 3G 384kbps නම් 1mbps වේගයන් දෙන්නේ කොහොම්ද ?
- HSDPA වල torrent download කිරීම.
- Firefox වල Tab ගොඩක් එක්ක වැඩ කරනකොට පරිගනකය slow වීම.
- Google Chrome, Extensions ගැන.
- Lankabell WiMAx වේගයන් අඩුවීම.
- Freelancer කෙනෙක් වෙන හැටි.

“ඔක්තෝබර මස 8වෙනිදාට පෙර” එවන්නේ කොහොමද??
@චතුර
නිවැරදි කරා
නොවැම්බර් ලෙස.
The Complete Guide to Google Wave :
http://completewaveguide.com/
Hope this will be useful to you
කාලිංග අය්යා ,බුද්ධික අය්යා ,තිළිණ අය්යා, සදීප අය්යා ,හර්ෂදේව
අය්යා ,ඇතුලු
Teckකතා වල සියලු දෙනාට බොහෝම ස්තූතියි…… Google Wave Invitation එකක් ලබා දුන්නාට.
Google Wave අනාගතයේ හැමෝටම ගන්න පුලුවන් සේවාවක්ද ?
@ ළදරැව
ඇත්තටම එහෙම එකක් වෙන්න ඕන නේද.. මතකද අපි ඉස්සර gmail account එක හදා ගත්තෙත් ඔය වගේ Invitation වලින් නෙ. පස්සෙ ඒක හැමෝටම විවෘත කරා.. මේකත් ඒ වගේම වේවි.
Sony Ericsson K770i එකට සිංහල දාන්න මෙන්න මේ ලිපියෙන් ප්‍රයෝජනයක් තියේවි.. මමත් මගේ k530i එකට දාගත්ත..
http://www.akshayy.com/sonyericsson/tutorials/xs-fsx-tutorial/