Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා 50වන වැඩසටහන හා තෑගී දිනාගන්නා හැටි!

Techකතා 50වන වැඩසටහන 2010 ජනවාරි මස 28 වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික, තිලිණ හා සදීප ස්කයිප් හරහා සම්බන්ධ වූ අතර සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.

ඒ අතර, වැඩසටහන අතරතුරේදී මයික්‍රෝසොෆ්ට් සමාගමේ වෙලින්ටන් සහ දසුන් සමඟද කතා කරන්නට හැකියාව ලැබුනා.

ඉතින් මෙන්න අප ඔබට දෙන තෑගි

1. අධ්‍යාපනික ශිෂ්‍යත්ව 2ක් (O/L, A/L හෝ විශ්ව විද්‍යාල සිසුන්ට)

2. Windows 7 Ultimate Genuine OS එකක්.

3. .NET ගැන ලියවූ පොත් තුනක්.

තෑගි දෙන්නේ කවුද ?

එක් ශිෂ්‍යත්වක් ලබා දෙන්නේ මයික්‍රෝසොෆ්ට් සමාගමේ වෙලින්ටන් පෙරේරා මහතා විසිනි (පුද්ගලික මුදලින්). අනිත් ශිෂ්‍යත්වය Techකතා කණ්ඩායමෙනි. ඉතුරු තෑගි සියල්ල Microsoft Sri Lanka .NET Forum වෙතිනි.

තෑගි ගන්නේ කෙසේද?

ඔබට මෙම තෑගි ලැබිය යුත්තේ ඇයි කියා අපට [email protected] වෙත ඊමේල් එකක් එවන්න. හැබැයි පෙබරවාරි 18 වෙනිදා රෑ12ට පෙර එවිය යුතුයි. වැඩි විස්තර සදහා අද වැඩසටහනට සවන්දෙන්න.

අද වැඩසටහනින්…

  • [07:53] TV එක දැමූවිට computer එක restart වීම.
  • [11:26] Live Audio Stream කිරීම.
  • [13:06] eBay එකෙන් අපි ගන්න දේවල් අපිට ලැබෙන්නේ කෙසේද?
  • [16:09] P4 පරිගනකය off වීම හා CPU එක රත්වීම.
  • [17:38] Dual Channel RAM ගැන හා නොගැලපෙන RAM
  • [21:44] ZTE MF628 මොඩමය Unlook කිරීම.
  • [23:02] Apple iPad – Tablet එක ගැන. (නිවැරදි කිරීමක්, ඇමරිකාවේ AT&T සමාගම බාවිතා කරනේ ලංකාවේ බාවිතා කරන සංඛ්‍යාතමය. T-Mobile සමාගම බාවිතා කරනේ වෙනත් non-standerd සංඛ්‍යාතමයන්ය.)
  • [27:34] Memory අඩුවෙන් බාවිතාවෙන Antivirus එක.
  • [31:23] HP Laptop එකක KLite Code pack එක වැඩ නොකිරීම.
  • [32:49] Audio Sandbox එකක් යනු කුමක්ද?
  • [33:43] Dialog SAT එකක් පිටරට ගොස් නැරබීම. (උපකාරක පුරුක, උපකාරක පුරුක 2)
  • [35:52] Outlook වලට සමාන OpenSource විකල්ප.  (ThunderbirdEvolution)
  • [37:31] වෙලින්ටන් පෙරේරා මහතා සමග පිලිසදරක්.
  • [53:09] GPA එක අඩුනම් රැකියාවට යන එක ගැටලුවක් ද?
  • [55:26] Online Radio පටිගත කිරීම.
  • [56:18] eBay එකෙන් ගත්ත USB HDD එකක් ගැටලුවක්.
  • [1:00:17] දසුන් සමීර සමග cPlus සගරාව ගැන පිලිසදරක්.
  • [1:08:43] HTC Windows Mobile එකකකට සිංහල දැමීම.
  • [1:10:10] iPhone වලට සිංහල යුනිකෝඩ්
  • [1:11:39] XP, Vista, Ubuntu ඇති පරිගනකයටකට Vista මකා Windows 7 දැමීම.
  • [1:12:19] PHP වලින් email read කිරීම.
  • [1:13:30] Windows 7 වල Bluetooth icon එක නැතිවිම.
  • [1:15:41] bluesoleil හා windows 7
  • [1:16:18] Sony Ericsson වලට Software එක දැමීම.
  • [1:17:47] HDD එකක් Partition කිරීමේ වැදගත්කම.
  • [1:18:23] Office 2010 64bit එක 32Bit OS එකක දැමීම.
  • [1:19:10] CPU-Z වලින් RAM වේගය බලාගැනීම. (RAM තොරතුරු ලබාගැනීම)
  • [1:20:27] පරිගණකයක් සෑදීමේදී RAM, CPU, Motherboard තේරීම.
  • [1:22:48] Nokia Phone එකක ලැබෙන සිග්නල් අනුව වේගයන් වෙනස්වීම.
  • [1:25:22] ZTE ADSL Modem එක Windows 7
  • [1:26:05] web site වල www තියෙන්නෙ ඇයි?
  • [1:29:01] Windows 7 Starter හි මිල.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (43MB) or Ogg (61MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (7.5MB)]

  • Category: Techකතා, පැන විසඳුම්

    Tagged:

    9 Responses

    1. yasith says:

      අර්ධ ශතකයට සුබ පැතුම්..

    2. patha says:

      ටෙක් කථා වලට සුභ පැතුම්!

    3. කොහොමහරි මේක ලයිව් අහන්න ක්‍රමයක් හොයා ගන්න ඕනෙ. අපිට මේක mobile 4n එකෙන් stream කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද ?

    4. ටෙක්කථා වලට මගෙනුත් සුභ පැතුම්. ටෙක්කථා 50 වෙනි වැඩසටහන වෙනුවෙන් එක වැඩසටහනක් Video එකක් විදියට කරමුද? මොකද හැමදාම කටහඬ විතරක් අහන එකේ රූපෙත් බලා ගත්තොත් හොඳයිනෙ. Live එකෙක් විදියට නොකරත් කමක් නෑ Record කරල හරි දාන්න.

    5. Akila DJ says:

      Thermal Compound විදිහට ToothPaste පාවිච්චි ක‍රන එක ගොඩක් අය නම් ක‍රනව!
      Hair Gel, Cream වගේ ඒවට වඩා නම් ගොඩක් හොදයි ලු.
      Vegimite වගේ ඒවගෙ ලුණු තියන නිසා අවුල්!

      Google කළා නම් විස්ත‍ර හොයා ගන්න පුලුවන් 🙂
      මොනව උනත් ඒ වැඩේටම හදපු quality compound තමයි කවුරුත් රෙකමදාරු කරන්නෙ…

      >>
      “Toothpaste is an effective substitute for thermal paste temporarily. It’s actually slightly better short-term than some thermal pastes……
      ASAP to get it back to normal for long-term use.”
      <>
      “Toothpaste Superior To Arctic Silver 3 compound!”
      <<

      ToothPaste RoX
      http://www.dansdata.com/images/goop/fibgraph2.gif
      http://www.dansdata.com/images/goop/nofibgraph2.gif

      http://www.dansdata.com/goop.htm

      🙂

    6. Namal says:

      රුපියල් පනක් හැටක් යන්නේ Compound එකකට…රුපියල් පනහක් වියදම් නොකර අනම් මනම් ක්‍රිම් දාලා දහස් ගනක් වෙන computer එක නිකරුනේ කඩා ගන්න එපා….ඕක තමයි අන්තිමට කියන්න තියෙන්නේ

    7. Neroshana says:

      Congratulations for the Golden Jubilee!!!.
      Great effort for the IT Future in Sri Lanka.
      Best of Luck Brothers…

    8. rachiyo says:

      ela aiye!
      suba pathum!

    9. Lal says:

      50 වෙනි වැඩසටහනට උනුසුම් සුභපැතුම්.

    Leave a Reply

    Techකතා අසන්නන්ගේ උපකාර

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group