Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

ටෙක්කතා සමූහයන් සඳහා ආචාර ධර්ම

Techකතා මේ වන විට ශ්‍රී ලංකාවේ සෑහෙන්න පිරිසක් අතර ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ නිසාවෙන්ම ටෙක්කතා ගූග්ල් සමූහයේ සාමාජික සංඛ්‍යාවත් එන්න එන්නම වැඩි වන අතර ටෙක්කතා පටිගත කිරීම අතරතුර සජීවී චැට් සංවාදයට එක්වන පිරිස ද ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙනවා. වැඩිවන සාමාජික පිරිස සමග ටෙක්කතා හි ගුණාත්මක භාවය හොඳ මට්ටමක පවත්වා ගැනීම සඳහා අප අදහස් කලා ටෙක්කතා ගූග්ල් සමූහය, Facebook සමූහය, චැට් සංවාදය සඳහාත් ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දෙන්න.

ටෙක්කතා ගූග්ල් හා ෆේස්බුක් සමූහය හා/හෝ චැට් සංවාද මණ්ඩපය භාවිතා කරන සියලු දෙනා මේ ආචාරධර්ම පද්ධතියට අනුකූල විය යුතු බව අවධාරණය කරන අතර එසේ නොමැති අය අනතුරු හැඟවීම් සහිතව හෝ රහිතව ගූග්ල් හෝ ෆේස්බුක් සමූහයෙන්/චැට් සංවාදයෙන් අකමැත්තෙන් වූවද ඉවත් කිරීමට සිදුවන බව කරුණාවෙන් සලකන්න.

ටෙක්කතා ගූග්ල්/Facebook සමූහ සඳහා ආචාර ධර්ම

කල යුතු දේ

  • Plain text ආකාරයට සමූහය වෙත ලිපි එවීම (මෙය අත්‍යාවශයෙන්ම සිදු කල යුත්තකි)
  • අවශ්‍ය විටෙක සිනහ මුහුණු (smileys) භාවිත කල හැක
  • හැකි සෑම විටකම සිංහල යුනිකෝඩ් භාවිතයෙන් ලිවීම. නමුත් ඉංග්‍රීසියෙන් ලිවීමද ගැටලුවක් නොවේ.
  • ලිපියකට පිලිතුරු දීමේදී තම පිලිතුරට විෂය නොවන කොටස් (ඊටත් කලින් ලිපියකින් ඒ ලිපියට එක් වූ කොටස්) ඉවත් කිරීම
  • අන් සාමාජිකයන්ට ආචාරශීලීව කතා කිරීම හා ගරු කිරීම
  • පැනයක් අසන විට ගැටලුව විස්තරාත්මකව ඉදිරිපත් කිරීම.
  • ඊමේල් එකේ මාතෘකාව (subject) ගැටලුවට අදාල වන පරිදි, කියවන්නාට ගැටලුව පිලිබඳ අදහසක් ගතහැකි වන පරිදි යෙදීම.
  • සිංහල බ්ලොග්කරණය සම්බන්ධ ගැටලුවක් නම් එය සිංහල බ්ලොග්කරුවන්ගේ ගූග්ල් සමූහය වෙත ඉදිරිපත් කිරීම වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත.
  • උපුටාගැනීමක් කරනවානම් එම උපුටාගැමීම කල තැන සදහන් කිරීමට කාරුණික වන්න.

නොකල යුතු දේ

  • පරිගණක, ඉලෙක්ට්‍රොනික, අන්තර්ජාල, තාක්ෂණික දෑ හෝ ජංගම දුරකථන තාක්ෂණයන්ට පරිබාහිර වෙනත් දේ ගැන කතා කිරීම.
  • සමූහය වෙත එවන ලිපි වල අකුරු වර්ණ ගැන්වීම හා විශාල කරන ලද අකුරු භාවිතය.
  • විශාල ප්‍රමාණයේ Email Signature භාවිතය.
  • අපැහැදිලි ලෙස, කැඩුනු බසින් ලිපි ලිවීම.
  • ඉක්මනින් පිලිතුරු ඉල්ලා සිටීම, විශේෂිත පුද්ගලයෙකුගෙන් පමණක් පිලිතුරු ඉල්ලා සිටීම, විශේෂිත භාෂාවකින් පමණක් පිලිතුරු ඉල්ලා සිටීම.
  • අසභ්‍ය/පරුෂ වචන භාවිතය (මෙහි අසභ්‍ය/පරුෂ වචන යනු සමාජයේ වැදගත් කතාබහක දී භාවිතා කල නොහැකි ඒවාය. “උඹ” “බං” “අඩෝ” “යකෝ” “තෝ” ආදියද ඊට ඇතුලත්ය) (“මචං” භාවිතය ගැටලුවක් නොවූවද මෙහිදී ඇමතුම ලබන්නාගේ වයස හා තරාතිරම සලකා බලන්නේ නම් මැනවි)
  • පෞද්ගලිකව පරිභව කිරීම, අපහාස කිරීම.
  • ආචාරශීලී නොවන අන්දමින් සංවාද කිරීම.
  • සංවාදයක් අතර මැද දී එම සංවාදයට අදාල නොවන ප්‍රශ්න නැගීම
  • Pirate software cracking, patching කරන ආකාරය සාකච්ඡා කිරීම, එබඳු දේ සඳහා ලින්ක්ස් පලකිරීම, සමූහය හරහා අන් අයගෙන් ඒවා ඉල්ලීම. (Techකතා හි ප්‍රතිපත්තියක් ලෙස  කිසිදු අනවසර මෘදුකාංග (pirate software) භාවිතයක් සඳහා දිරිගැන්වීමක් හෝ සහායයක් නොදක්වයි.)
  • හැක් කිරීම,  උපකාර කිරීම, හැක්කින් software හෝ  එවැනි අනුන්ට කරදර වෙන, දත්ත සොරාගන්න ක්‍රම ගැන කතා කිරීම, උපකාර ඉල්ලීම.
  • බොරු/නොමග යවන පිලිතුරු දීම.
  • කිසියම් කෙනෙකුගේ අයිතියක් පවතින, copyright නීතී කඩකර ලෙස හැසිරීම, ලින්ක් ඉල්ලීම.
  • වෙලඳ දැන්වීම් පලකිරීම/අඩවි ප්‍රචාරය කිරීම.
  • අන්තර්ජාල මුදල් ඉපයීම් ගැන හෝ මුලික අරමුණ ස්පෑම් අඩවි ඔස්සේ මුදල් ඉපයීම වැනි, වෙළද දැන්වීම් බැලීමෙන් මුදල් සෙවීම, අඩවි වලට ලින්ක් දැමීම වැනි ක්‍රම ගැන කතාබහ කිරීම. (මෙම තීරණය ගෙන ඇත්තේ Techකතා සාමාජිකයන් නොමග යවන දෙවල් වලින් ආරක්ෂා කිරීමට බව සලකන්න.)

මෙම නොකල යුතු දේ කරන අය පිලිබඳ තීරණ ගැනීම හා ක්‍රියාවේ යෙදවීම ගූග්ල් සමූහයේ කළමණාකරුවන් සතු වන අතර අවවාද දීමක් හෝ සමූහයෙන් පහකිරීමක් සිදුකල හැකිය.

ටෙක්කතා චැට් සංවාද මණ්ඩපය සඳහා ආචාර ධර්ම

කල යුතු දේ

  • ටෙක්කතා වලට අදාල සංවාද සඳහා චැට් රූම් එක යොදාගැනීම
  • පෞද්ගලික දෙයක් (download link එකක් වැනි) පැවසීම සඳහා අදාල පුද්ගලයා සමග private chat එකක් ආරම්භ කිරීම
  • අන් සාමාජිකයන්ට ආචාරශීලීව කතා කිරීම හා ගරු කිරීම

නොකල යුතු දේ

  • වෙලඳ දැන්වීම් පලකිරීම
  • ටෙක්-කථිකයන්ගේ හා අනිත් අයගේ අවධානය දිනාගැනීම සඳහා එකම ප්‍රශ්නය දිගින් දිගටම copy-paste කිරීම
  • අසභ්‍ය/පරුෂ වචන භාවිතය (මෙහි අසභ්‍ය/පරුෂ වචන යනු සමාජයේ වැදගත් කතාබහක දී භාවිතා කල නොහැකි ඒවාය. “උඹ” “බං” “අඩෝ” “යකෝ” “තෝ” ආදියද ඊට ඇතුලත්ය) (“මචං” භාවිතය ගැටලුවක් නොවූවද මෙහිදී ඇමතුම ලබන්නාගේ වයස හා තරාතිරම සලකා බලන්නේ නම් මැනවි)
  • අන් අයට කරදරයක් වන අයුරින් චැට් රූම් එකේ හැසිරීම

මෙම නොකල යුතු දේ කරන අය පිලිබඳ තීරණ ගැනීම හා ක්‍රියාවේ යෙදවීම චැට් රූම් එකේ ක්‍රියාකරුවන් (channel operators) සතු වන අතර අවවාද දීමක් හෝ චැට් රූම් එකෙන් පහ කිරීමක් (kick) සිදුකල හැකිය.


Techකතා අසන්නන්ගේ උපකාර

ඊමේල් මගින් දනුම් දීම

Enter your email address:

Delivered by FeedBurner

Join Techකතා Google Groups

Google Groups
Subscribe to Techකතා
Email:
Visit this group
Sharing Buttons by Linksku

Switch to our mobile site