Techකතා

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

Techකතා Live:57වන වැඩ සටහන හා පැණ-විසඳුම්

Techකතා 57වන වැඩසටහන 2010 මාර්තු මස 25වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික, තිලිණ හා මලින්ත සම්බන්ධ වූ අතර, Skype හරහා සදීප හා හර්ෂ සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.

මේ වෙනකොට Techකතා Facebook සමුහයේ සාමාජිකත්වය ගෙන නැත්නම් දැන්ම එහි සාමාජිකත්වය ලබාගන්න. ඒ ගැන ඔබේ යහළුවන්ටත් කියන්න. වඩා ඉක්මනින් තාක්ෂනික ගැටලු වලට උදව් උවමනා නම්  Techකතා Google සමුහය එකතුවන්න. එමගින් ඔබට ටෙක්කතා සමූහයේ උදවු ලබාගැනීමට හැකිවන අතර ඔබට අනකුන්ට උදව් කිරීමටද හැක.

ඔබට Techකතා Community එකට සම්බන්ධ වෙන්න හරිම පහසුයි. මෙම පිටුවේ දකුනු පස Google Groups ලෙස ඇති තැනට ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී Subscribe වෙන්න. ඔබව සමුහයට ඇතුලත් කරගත් විට ඔබට ඊමේල් මගින් අය දැනුම් දෙනු ඇත. පැනයක් ඇසීමට [email protected] ඊමෙල් ලිපිනයට ඔබේ පැනය එවන්න.  නමුත් ඔබේ පැනය ඊමෙල් කරන්න කලින් ඒවාTechකතා සමුහයේ ආචාරධර්ම වලට අනුකූලදැයි බැලීමට කාරුණික වන්න.

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්…

  • [0:02:08] Mcafee Internet Security හොදයිද ?
  • [0:06:35] MAC OS ද Windows 7 ද හොද ?
  • [0:11:59] 2009 A/L පසු Software Engineer කෙනෙක් වීම ගැන.
  • [0:13:51] Computer එක බූට් වීමේ ගැටලුවක්.
  • [0:15:37] FireFox වගේ Chrome වල RSS feed ලබාගැනීම. (SBU Reader)
  • [0:17:09] EXE File කියන්නේ මොනවාද ?
  • [0:19:58] Blog එකේ comment දාන්න බැරි හේතුවක්.
  • [0:21:29] Programing මුලින්ම ඉගෙන ගන්නකොට ඉගෙන ගත යුතු පලමු Programing language එක.
  • [0:25:59] Huawei E1550 එකෙන් 7.2mbps වේගයක් ගැනීම
  • [0:27:01] Web Server, Application Server, DB Server මොනවද?
  • [0:29:35] PHP Install කිරීමට කලින් IIS හෝ Apache දැමිය යුතුද ?
  • [0:33:10] Dual Head Display එකක් හරහා එක පර්ගනකය දෙකක් කිරීම.
  • [0:36:07] iTunes වලට සමන Software එකක් Ubuntu වලට. (Songbird, Rhythmbox, aTunes)
  • [0:39:00] Compaq laptop එකකට Ubuntu දැමීම.
  • [0:40:02] Avast web page එක load නොවීම.
  • [0:40:27] IP එක Hide software වලින් එය ඇත්තට සිදුවෙනවද ?
  • [0:41:34] 1GB RAM එකක් සවිකලද 512 ලෙස පෙන්වීම.
  • [0:43:37] OS Format කර දැමීමට කලින් Browser backup කිරීම.
  • [0:46:00] Compaq ලැප් එකක Skype බාවිතා කරීමේ ගැටලුවක්.
  • [0:46:45] XP Mode එකට දැන් CPU සහය උවමනා නෑ.
  • [0:47:36] Windows 7 වල HDD Image එකක් ගැනීම.
  • [0:48:31] OpenWRT Router එකට දැමීම.
  • [0:56:04] iPhone, iPod Touch ගන්න තැන් ලංකාවේ.
  • [1:00:51] Unlocked Huawei Modem එකක Airtel SIM වැඩ නොකිරිම.
  • [1:01:55] HSDPA පිරටින් ගෙන්න ඩොන්ගල් වැද ?
  • [1:02:45] Blogger හි දමු පොස්ට් එකක wordpress auto publish කිරීම.
  • [1:03:34] Mobile Network tower busy උහමහ අනිත් tower මාරුවීම.
  • [1:06:24] SatTV බැලීමට Dish එකක් සාදාගැනීම.
  • [1:11:16] Internet එකේ Live Streaming වල Full screen හා Windows බලනකොට data බාවිතය.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

    [Download MP3 (34MB) or Ogg (49MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (6.3MB)]

  • Category: Techකතා, පැන විසඳුම්

    Tagged:

    14 Responses

    1. මම Techkatha වලට දාන පලමු Comment එක මේක .හැබැයි මම Techkatha Episod ඔක්කොම අහල තියෙනව.මම Techkatha ගැන් දැනගත්තෙ e-Asia 2009 ප්‍රදර්ශනයට ඇවිත්. එතෙන්දි මට Techkatha Episod 15ක් පමණ ලැබුණ.මම දැක්ක කෙනෙක් ඒව කොපි කරගන්නව. ඉතින් මමත් අතැරියෙනෑ වැඩේ.මට එතෙන්දි නම් හිතුනෙ වැඩක් වෙන එකක් නැ කියල.නමුත් ඇහුවට පස්සෙ ඔක්කොම බාගත්ත. Sinhala Bloggers ගැන Unicode ප්‍රයෝජන ගැනත් දැනගත්තෙත් එතෙන්දි. මම ඉන්නෙ රන්න ප්‍රදේශයෙ (හම්බන්තොට). Internet Café හොයන් 13km ක් දුර ගෙවන් තංගල්ලට යන්න ඕන.ඉතින් පැයක් හිටියත් වැඩේට රු100 විතර වියදම්.සතියකට සැරයක් විතර ගිහින් Sinhala Bloggers වල Technical Page ටිකත්, Techkatha Episod ටිකත්, ඉ-මේල් Page ටිකත් තව වැදගත් දෙවලුත් බාගෙන එනව. ගෙදර ඇවිත් Sinhala Bloggers වලින් ගත්ත Technical Page ටික කියවල වැදගත් Post ඒව තියෙනවනම් url එක කොපිකර ගෙන අනිත් සතියෙ බාගන්නව. ඉතින් Blog කියවල Comment කරන්න වෙන්නෙ නැ.ඒකට Technical බ්ලොග් ලියන කවුරුත්ගෙන් මම සමාව ඉල්ලනව.
      මම namalyaya.blogspot.com කියල බ්ලොග් එක්කුත් පටන් ගත්ත.ඒකටත් මුල Techkatha තමයි.දන්නවද මම e-Asia 2009 ප්‍රදර්ශනයට බලන්න ආවෙත් අහම්බෙන්.ඒ දිනවල මොරටුවෙ Campus එකේ Inomech කියල නවනිපැයුම් තරඟයක් තිබුන මම ඒකට Patent අරගත්තු නිර්මාණයක් තිබ්බ.මම ඒ ගමනෙදි හිටියෙ නැන්ද කෙනෙග්ගෙ ගෙදර.එතකොට පත්තරෙ දැකල 2009 A\l කරපු අයට ඉන්දියාවෙ Campus එකක ශිෂ්‍යත් දෙන interview එකකටත් ගිය.
      ඒක පාස් වුනා(BCA). හැබැයි ඉතින් නේවාසික ගාස්තු විදියට 70$ මුදලක් මාසිකව Campus එකට ගෙවන්න ඕන. ඒක ගෙවන්න බැරිහින්ද ඒ සිහිනයත් අතඇරල ඉන්නෙ.
      හැබැයි තාරුණ්‍යට හෙටක් සංවිධානය තුලින මට උදව් කරන්නම් කියල නමල් රාජපක්ෂ මහත්තය කිව්ව. ඒත් ඉතින් දේශපාලන පොරොන්දු ගැන විෂ්වාසයක් නෑ.මම මේ BCA (Bacholer of Computer Aplication) උපාදිය ගැන අහල Techkatha වලට ප්‍රශ්න ටිකක් එව්ව තාම උත්තර නැ.අනේ කොහොමහරි උත්තර දෙන්නකෝ .
      මම Techkatha Episod බාගත්තම ඒව Delete කරන්නෙ නෑ. නමුත් මම හිතන්නෙ ඒකෙන් වැඩිදෙනෙක් ප්‍රයෝජනයක් ගන්නෙ නෑ.ගොඩක් අය පරිගනකයෙන් නිසි ප්‍රයෝජන ගන්නෙ නැ. Techkatha ඔයාල ලංකාව තුළ කරන මේ වෙනස් අත්දැකීම අනාගතේදීවත් අප ප්‍රදේශයේ අය භාවිත කරාවි.ඉතින් අයියලා ඔක්කොටම බොහොම ස්තුතියි.
      [email protected]

    2. කසුන් නදීශන says:

      “Techකතා 52වන වැඩසටහන 2010 පෙබරවාරි මස 25වෙනි බ්‍රහස්පතින්දා ”

      මේක පරණ එකක් ද? මං හිතන්නේ වැරදිලා වගේ

    3. kalinga says:

      @කසුන් නදීශන

      ඔහ්, වැරදීමක්… ස්තුතියි පෙන්ලලා දුන්නට, නිවැරදි කරා.

    4. prageeth says:

      Tech Katha එකේ කතාවුණ Multi terminal project එක වගේ එකක් UCSC eke students ලා කරල තියනවා.ඒ ගැන වැඩි විස්තර පහත තියන Link එකෙන් හොයා ගන්න පුලුවන්.
      https://www.isoc.org/isoc/chapters/projects/reports/srilanka_20090219.pdf

    5. dilum says:

      මෙන්න ඒ ගැන විස්තර තියන තවත් ලින්ක් Link එකක්
      http://192.248.16.125/wasn/projects-list/pokurupc

    6. මම ටෙක්කතා වලින් අහපු ප්‍රශ්නයට පිළිතුරු දීපු එකට අයියල හැමෝටම ගොඩක් ස්තූතියි.

    7. Chinthana Jayaweera says:

      එල එල!! දානකන් ඇඟිලි ගැන ගැන හිටියෙ!!
      තෑන්ක්ස් වේවා!

    8. M. Lawyer says:

      මම ටෙක්කතා වලින් අහපු ප්‍රශ්නයට පිළිතුරු දීපු එකට අයියල හැමෝටම ගොඩක් ස්තූතියි.
      +1

    9. ජානක says:

      පහු ගිය දවස් වල ටෙක් කතා තිබුනෙ නැද්ද?

    10. Ravindra says:

      Techකතා නවත්තලදෝ????????????????

    11. Dimu says:

      I think this is the end of techkatha. No one have interest on it anymore.

      මම හිතන්නෙ මේ ටෙක් කතා වල අවසානෙ කියල. හැමෝගෙම ඒ ගැන උනන්දුව නැතිවෙලා වගේ.

    12. තුසිත සම්පත් says:

      මමත් ටෙක් කතා ට්කක් ඉස්සර ඉදන් තමයි අහන්න පටන ගත්තේ.මම මේ පාර A/L කරනවා.ඉතින් මට ලිවෙ අහන්නත් බැ..එත් මම අනිවර්යෙන්ම ඩොව්න්ලොඅඩ් කරලා අහනවා.මට ඉන්ටෙර්නෙට් connection එකකුත් නෑ.එත් මම මේක අහන්න ඔනෙ හින්දම සතියකට 1 පාරක් මොබිටෙල් Daily delight එකක් දාල Episode 1 Download කරගන්නවා.
      සින්හලෙන් Technology ගැන කියල දෙන එක ගැන නම් ගොඩාක් සතුටුයි.
      මටත් ගොඩාක් පරිගනක ගැන දැනුමක් නැති වුනාට,ඔයාල කියල දෙන එව්වයින් සමහරක් එව්වා තෙරුනේ නැතුවට,හැකිතාක් තේරුම් ගන්නවා.ඒ ගැන නම් මාර සතුටුයි…එහෙනම් ජයවෙවා….!

      ඔයාලට මොහොමත්ම ස්තුතියි…!

    13. Asela says:

      Teck katha Marilada (Iwarada)..?

    14. ajith says:

      mf 628 modem ekka unlock karanna hari flash karanna hari puluwan free software ekak gana kawuru hari dannawanam karunakala hoyala denna.

    Leave a Reply

    Techකතා අසන්නන්ගේ උපකාර

    ඊමේල් මගින් දනුම් දීම

    Enter your email address:

    Delivered by FeedBurner

    Join Techකතා Google Groups

    Google Groups
    Subscribe to Techකතා
    Email:
    Visit this group